
ස්විට්සර්ලන්ත කාන්තාවකට අයත් පානදුර පිහිටි ඉඩමකට ඇතුළු වී, එහි නිවෙස සහිත ඉඩම අත්පත් කරගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනකු ඇතුළු නිදෙනකු පෙරේදා (19) අත්අඩංගුවට ගත් බව පානදුර දකුණ පොලීසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, පානදුර ප්‍රදේශයේ පදිංචි කාන්තාවක සහ කොරළවැල්ල ප්‍රදේශයේ පදිංචි අඹු සැමි යුවළක් බව පොලීසිය කීය. එම නිවෙසේ කලක සිට කිසිවකු පදිංචිව නොසිටි බැවින්. නිවෙස ආසන්නයේ පදිංචි කාන්තාවක සැකකාර අඹුසැමි සහ ඔවුන්ගේ ළමයින් දෙදෙනකු නිවෙසේ පදිංචි කර ඇති බව පරීක්ෂණ වලදී අනාවරණය වී ඇතැයි බව
පොලීසිය කීය.
ස්විටීසර්ලන්ත ජාතික කාන්තාව විදේශගතව සිට පැමිණ පානදුර දකුණ පොලීසියට කළ පැමිණිල්ලක් අනුව සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය කීය. සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් නියමිතව තිබුණි.
(සුමිත් පොතුපිටිය)
Comments
Post a Comment
Your comment will be visible after approval