
ඔරුගොඩවත්ත සම්බුද්ධාලෝක විහාරය කඩා ඉවත් කිරීමට මාර්ග සංවර්ධන අධිකාරියට අවසර ලබාදෙමින් කොළඹ මහෙස්ත්‍රාත්වරයා ලබාදුන් නියෝගයක් ක්‍රියාත්මක කිරීම අත්හිටුවන ලෙස දන්වමින් අභියාචනාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කර ඇති බව වාර්තා වේ.
එම විහාරයේ විහාරාධිපති හල්මිල්ලකුලමේ සුගතඥාන හිමි විසින් ගොනුකළ රිට් පෙත්සමක් සලකාබැලීමෙන් පසුව මෙම අතුරු නියෝගය නිකුත් කර ඇති බව සඳහන්ය.
සෝභිත රාජකරුණා සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකාබැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval