ranjith-bandara-speaks

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් අද (20) දින විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ එහි මාධ්‍ය ප්‍රකාශකයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර සිය පක්ෂයේ අභ්‍යන්තරයේ ඇති බෙදීම පෙන්නුම් කරමින් තීරණාත්මක කරුණු පැහැදිලි කිරීමක් සිදු කළේය. ඉදිරි ජනපතිවරණයකදී තම පක්ෂය රනිල් ජනපති අපේක්ෂක කරන්න යන කතා බොරු බවත් තම පක්ෂය පක්ෂයේම කෙනෙක් ජනපති අපේක්ෂක ලෙස නම් කරන බවත් දැනට මැතිවරණයක් ජයගත හැකි ශක්තිමත්ම කණ්ඩායම තම පක්ෂය බව පැහැදිලි කළේය. එසේම ඔහු කියා සිටියේ අනෙක් පක්ෂ වල අයට තමන් හා එක්වන ලෙසයි.
ඔහුගේ ප්‍රකාශය සම්පූර්ණයෙන් පහත පරිදිය.

මූලික වශයෙන් කාරණා හතරක් පිළිබඳව මාධ්ය දැනුවත් කරන්න කැමතියි.
පළවෙනි කාරණය තමයි අපි දේශපාලන පක්ෂයක් විදිහට අපිට ප්රතිපත්තියක් තියෙනවා.
ඒ ප්රතිපත්තිය ජනතාව පිළි අරගෙන අපට ජන වරමක් දුන්නා.
අපි පළාත් සභා ප්රාදේශීය සභා මහ මැතිවරණ ජනාධිපතිවරණ වලට මුහුණ දෙන තරමට ශක්තිමත් දේශපාලන පක්ෂයක් බවට පත් වුණා.
ඒකෙ ප්රතිඵලයක් විදිහට අපි පළාත් පාලන මැතිවරණයක් දිනා ගත්තා.පක්ෂය පිහිටුවා අවුරුදු දෙකක් යනකොට ඓතිහාසික ජයග්රහණයක් අපි ලැබුවා.
අපි 69 ලක්ෂයක් ජන වරම දුන්න ජනාධිපතිවරයෙක් පත් කළා.අපි තුනෙන් දෙකක් සහිත පාර්ලිමේන්තුවකටමහජන වරම ලබා ගත්තා.
හැබැයි අවාසනාවකට මේ ජනවරමට පිටු පාන පිරිසක් විවිධ නම්වලින් ස්වාධීන වෙනවා.
සමහරක් නම් මට මතකත් නෑ අද කියනවා නිදහස හෙට කියනවා තව මොකක් හරි මේ විදිහට කල්ලි සහ කණ්ඩායම් විදිහට.
මේ ජනවරමට එරෙහිව කටයුතු කරන්න පටන් ගත්තා සමහර මන්ත්රීවරු තනියම ස්වාධීන වුණා.


අද දින මම ස්වාධීනයි කියලා කියනවා දැන් මේ ජනවරමට පිටු පෑමේ අලුත්ම පරිච්ඡේදය තමයි.
අපි රනිල් වික්රමසිංහ මැතිතුමාට එහෙම වෙන්න දෙන්නේ නැහැ.
එතුමාගේ අපි දෑත ශක්තිමත් කරනවා ඔහු එතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන අපි එතුමා වෙනුවෙන් පෙනී සිටිනවා.
මම කැමතියි මේ ජනවරමට පිටුපා නොව කියලා කියන්නේ අපි පක්ෂයේ ප්රතිපත්තියට.දේශපාලන පක්ෂයක් විදිහට ජනතාව ඉදිරියේ අපි තබපු විශ්වාසය පලුදු කිරීමක්.
ඉතිහාසයේ ඕන තරම් අපි දැකලා තියෙනවාමෙහෙම අය මිනිස්සු ගෙදර යවපු විදිහ.
මතක තියාගන්න එකපාරයි වීරයෙක් වෙන්න පුළුවන්.දෙපාරක් වීරයෙක් වෙන්න බෑ.වීරයෙක් වෙලා මහජන වරම් ලබපු අය.
වීරත්වයේ රඳවා ගන්නට බැරි වුනා නම් ඊළඟ පාර ලැයිස්තුවේ අගට කොළඹින් මහනුවරින් ගම්පහින් කළුතරින්.
මාතරින් ගාල්ලෙන්, කුරුණෑගලින් අපිට ඕනෑ තරම් උදාහරණ පෙන්වන්න පුළුවන්කම තියෙනවා.
සමහර අය දේශපාලනයෙන් විශ්රාම ගැන්වූවා.
මේක තමා ඇත්ත ඒ නිසා අපි ශ්රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් කටයුතු කරන අය කවදාවත් මේ ජනවරමට පිටු පාන්නේ නැහැ.
තමන්ට ස්වාධීන අදහස් තියෙන්න පුළුවන්. හැබැයි ජනතාව අපට වරමක් දුන්නේ පක්ෂය ක්රියාත්මක කරපු ප්රතිපත්තිවලට අපි ඉහළ සිට පහළට.
පහල සිට ඉහලට ක්රියාත්මක වන සංවර්ධන ප්රවිෂ්ටයක් තමයි ජනතාවට ඉදිරිපත් කළේ.
ජනතාව අපි කෙරේ විශ්වාසයක් තිබ්බා.ඒ නිසා ඒ විශ්වාසය පළුදු කරනවා.
කියලා කියන්නේ.
ජනවරමට පිටුපා නොකියන එක පමණක් නෙමෙයි. ඊළඟ මැතිවරණයකදී මේ අය මේ රටේ මහජනතාව අනිවාර්යයෙන් ගෙදර යවනවා.
දෙවැනි කාරණය තමයි.තමුන්නාන්සේලා දකින්න ඇති. මේ දවස්වල රූපවාහිනියට අලුත් පිරිසක්.විශේෂයෙන් ප්රවෘත්තිවලට ඇවිල්ලා.
ප්රවෘත්ති මවනවා.ප්රධාන චරිත හතරක්.මම පහුගිය දවස්වල දැක්කාඒ අය ප්රබල ඇමතිකම් දරපු අය.
ඒ අය යහපාලන ආණ්ඩුවේ ඉදිරි පෙළේ හිටපු අය සමහර වෙලාවට දිස්ත්රික්ක නායකයෝ.හැබැයි ඒ අය මහජනයා ගෙදර යැව්වේ සමහර තැන්වල ඇප මුදලත් රාජසන්තක කර ගෙන.
දැන් ඒ අය තමයි කියන්නෙ අපි පුළුල් සන්ධානයක් හදනවා.මේ තරුණ රාජ්ය ඇමැතිවරයෙක් දෙන්නෙක් එක්කහු කරගෙන.
ඔය කියන පරාජිත දේශපාලඥයන්ට පුළුවන්කමක් තියෙනවනම් පුළුල් සන්ධානයක් හදලා.ඊළඟ ජනාධිපතිවරණය ජයග්රහණය කරන්න.
මං හිතනවා ඒක හිතලුවක් කියලා.එනිසා අපි කියන්න කැමතියි.
ඉගෙනගන්න අතීතයෙන් පාඩම් මිනිස්සුන්ට අමතක නෑ.මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටේ අධ්‍යාපනය වෙනුවෙන් කරගෙන ගිය වැඩපිළිවෙල සම්පූර්ණ වෙනස් කරලා.අධ්‍යාපනය අනිත් පැත්තට හැරෙව්වා.කෘෂිකාර්මික සංවර්ධනය ව්‍යාපාරයක් බවට පත්කරගත්තා.


රාජ්ය ආරක්ෂාව, ජාතික ආරක්ෂාව බල්ලට දැම්මා.එව්වා මිනිස්සුන්ට මතකයි.
ඒ නිසා කවුරුහරි හිතනවා නම් මේ රටේ මහජනතාව ඒගොල්ලන්ගේ සාක්කුවේ.එහෙම නැත්නම් ගෙදර බඩු ගෙනෙන බෑග් එකේ කූට ඉන්නේ කියලා.
එවැනි සන්ධාන හදාගෙන පුළුවන්කම තියෙනවා.ඒගොල්ලන් හිතෙන තැනක ගිහිල්ලා ජනාධිපතිවරණයකට සන්ධානයක් හදාගෙන මුහුණ දෙයි.
ශ්රී ලංකා පොදුජන පෙරමුණ.නැතුව මේ කිසිදු සන්ධානයකට මැතිවරණයක් ජයග්රහණය කරන්න පුළුවන්කමක් නෑ.
ඒක ස්ථිරයි.ඒ ගැන කාටවත් මං හිතන්නෙ අහිතක් හිතන්න පුළුවන්කමක් නෑ.
තුන්වෙනි කාරණය තමයි.
දැන් ජනාධිපතිවරණයට සෑහෙන කාලයක් තියෙද්දී කරලියට ඇවිල්ලා තියෙන මාතෘකාවක්.
මම තමයි ජනාධිපති අපේක්ෂකයා කියලා.මේක හොඳයි.ඒ විතරක් නෙමේ අපි දැක්කා.පහුගිය කාලවල සමහර පුද්ගල චරිතත්.
මම තමයි ජනාධිපති කියල.මේ අපේ පරම්පරාවේ වගකීම කියල කටයුතු කරනවා.හැබැයි මතක තියාගන්න ඔයිට වඩා රැලි හදපු අය අද වැල්ලේ ඇවිදිනවා.
සමහර තැන්වල ගහපු පොඩි දැන් සුදු කොඩි බවට පත්වෙලා.මම මීට ඉස්සෙල්ලත් කිව්වා.මාධ්ය සාකච්ඡාව ඔය හදන ශාඛා කාර්යාලවල කොඩි සුදුකොඩි බවට පත් වෙයි කියලා.එනිසා මිත්රවරුනි අපි ශ්රී ලංකා පොදුජන පෙරමුණ විදිහට ස්ථිර වශයෙන්ම.
අපේ පක්ෂ කෙනෙක් ජනාධිපතිවරණය ඉදිරිපත් කරනවා.
අපිත් එක්ක සන්ධානගත වෙන්න ඕන කෙනෙකුට පුළුවන්කම තියෙනවා.අදත් මේ රටේ මහජනයාගේ බලය පාර්ලිමේන්තුව තුළ.
නියෝජනය කරන්නේ අපි රාජ්ය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන්.
අපේ මන්ත්රීවරු තමයි ඡන්දෙ දීලා වර්තමාන ජනාධිපති ගරු රනිල් වික්රමසිංහ මැතිතුමා පත් කර ගත්තේ.
එනිසා ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනවරම ප්රතිපත්තිය තමයි ක්රියාත්මක වෙන්නේ.
ජන වරම අපිට තියෙන්නෙ ඒ නිසා ජනවරමට පිටුපාන්න අපිට අයිතියක් නැහැ.
අවසාන කාරණය තමයි මට මේවා මතක් වෙනවා ශ්රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම්වරයෙකු අපි ඉතාම ගරු කරපු කෙනෙක්.


ගරු ධර්මසිරි සේනානායක මැතිතුමා.එතුමා වරෙක සඳහන් කරනවා.
ජනතාවාදී පක්ෂ.හැම වෙලාවකම ජනතාව සමඟ කටයුතු කරනවා ජනවරම උරගා බලනවා ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් පෙනී සිටිනවා.
අපි ශ්රී ලංකා පොදුජන පෙරමුණ විදිහට දිවයිනේ සෑම මැතිවරණ බල ප්රදේශයකම අතිසාර්ථක.
බලමණ්ඩල පවත්වාගෙන යනවා.
එළඹෙන විසි පස් වෙනිදා උඩුනුවර බලමණ්ඩලයත් අපි කැඳවලා තියෙනවා. තමුන්නාසේලාට ඇති ආරාධනා කරනවා. එදාට එන්න අපිත් එක්ක උඩුනුවර ජනතාව සමඟ එකතු වෙලා ප්රජාතන්ත්රවාදය බහු පක්ෂ ක්රමය ආරක්ෂා කර ගැනීම සඳහා ශ්රී ලංකා පොදුජන පෙරමුණ අරගෙන යන වැඩපිළිවෙළ එකතුවෙන්න කියලා.
එනිසා අපි සමහර බලවත් වීමට කැමති කණ්ඩායම් වලටත් ආරාධනා කරන තමුන්නාන්සේලාත් අවකාශය තියෙනවා. අපිත් එක්ක එකතු වෙන්න.
අපි සමඟ ජනතාවාදී දේශපාලනයක් අපි කරමු. මිනිසුන්ගේ ප්රජාතන්ත්රීය අයිතිවාසිකම් ආරක්ෂා කරගන්න.
ශ්රී ලංකා පොදුජන පෙරමුණ හැමවිටම පෙනී සිටින්නේ ඒ වෙනුවෙන්.
දැන් අපි මේ මාධ්ය සාකච්ඡාව පවත්වන ශාලාව තමුන්නාන්සේලා දන්නවා.
ඒ බලවත් වූ කණ්ඩායම් වල ප්රහාරයට ලක් වුණා.අදත් ඒ කැඩුණු බිඳුණු තැන් වල මතකය. ඒ ආකාරයෙන්ම තියෙනවා.
අපි කවදාකවත්.මේ රටේ මහජනයාට අහිතක් වන හිරිහැර පත්කරලා බලයට ඒමට කල්පනාවක් නැහැ.
අපි පෙනී සිටින්නේ මේ රටේ ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් පමණයි.