
මෙදින පොලිස් වාද්‍ය වාන්දය ඉදිරිපත් කරන පොසොන් බැති ගී ප්‍රසංගය කුරුණෑගල පොලිස් කොට්ඨාසයේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන අතර, පොලිස් ස්ථාන 20හි නිලධාරීන් පරිසර හිතකාමීව දේශීය අමුද්‍රව්‍ය යොදා ගනිමින් නිර්මාණය කළ දැවැන්ත පොසොන්කුඩු 20ක් කුරුණෑගල කන්‍යාරාම මාවතේදී ප්‍රදර්ශනය කෙරේ. ඒ අතර පොල්කටු සහ ගෝණි යොදා ගනිමින්, යන්ත්‍රානුසාරයෙන් ක්‍රියාකරන, අඩි 60ක් පමණ උස මුවලින්ද නාග දරණය ප්‍රදර්ශනයට සූදානම් කර ඇත.
වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ප්යලත් මහතාගේ ප්‍රධානත්වයෙන්, කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අනිල් ප්‍රියන්ත මහතා සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපුල් චන්දන අබේසිංහ මහතාගේ උපදෙස් පරිදි, පොලිස් නිලධාරීන් මෙම පොසොන් කලාපය නිර්මාණය කරඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval