
ඉඩම් ආරවුලක් දුරදිග යාමෙන් අනතුරුව පියකු විසින් දියණියගේ හිසට පිහියකින් ඇන බරපතළ තුවාල සිදුකර ඇතැයි පිළියන්දල පොලිසිය කියයි.තුවාල ලද දියණිය ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇත.
සැකකාර 64 හැවිරිදි පියා අත්අඩංගුවට ගෙන ඇත. තුවාල ලද තැනැත්තිය පියා මව සහ සහෝදරයා සමඟ පිළියන්දල පැලන්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටින අතර දියණියගේ අවශ්‍යතාවක් සඳහා පියාගේ නමට පැලැන්වත්ත, දිගන ප්‍රදේශයේ තිබූ ඉඩමක් මීට වසර දෙකකට පමණ ඉහත දී රුපියල් ලක්ෂ 30 ක පමණ මුදලකට උකස් කර මුදල් ලබාගෙන තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබේ.
වසර දෙකක කාලයක් ගෙවී ගිය ද එය බේරා දීමට දියණිය අපොහොසත් වීම හේතුවෙන් උරණ වූ පියා දියණිය හා ඇති වූ බහින් බස් බස් වීමකින් අනතුරුව හිසට පිහියකින් ඇන තිබූ බව පොලිසිය කීය. සැකකාර පියා පිහියෙන් ඇනීමෙන් 28 හැවිරිදි දියණියගේ හිසට මැහුම් 14 ක් යෙදූ බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
බිමල් ශ්‍යාමන් ජයසිංහ
Comments
Post a Comment
Your comment will be visible after approval