
බිරිය හා කුඩා දරු තිදෙනා සමග බස් රථවල නැග මගී වෙස්ගෙන ගමන් කරමින් වටිනා ජංගම දුරකථන සහ මුදල් පසුම්බි සොරාගත් පුද්ගලයකු හොරෙන් මත් කුඩු මිලිග්‍රෑම් 5200 ක් සමග අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි. සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේ දී එලෙස සොරා ගෙන තිබූ රුපියල් ලක්ෂ දහයකට අධික වටිනා ජංගම දුරකතන විස්සකට ආසන්න ප්‍රමාණයක් පොලිසිය මගින් සොයාගෙන ඇතැයි පොලිසිය කියයි.
බස්රථවල දී ජංගම දුරකථන නැතිවීම පිළිබඳව පසුගිය මාස හයක පමණ කාලය පුරා නිරන්තරයෙන් ලද පැමිණිලි කිහිපයක් සම්බන්ධයෙන් සැක කරන පුද්ගලයකුගේ රුව ඇතුළත් සී.සී.ටී.වී. දර්ශන අනුව ඊට සමාන හැඩරුව තිබෙන සැකකටයුතු පුද්ගලයකු පිළියන්දල මිරිස්වත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමෙන් පසු මෙම තොරතුරු හෙළිවී යැයි පොලිසිය කියයි.
සැකකරු අත්අඩංගුවට ගැනුණ අවස්ථාවේ දී ඔහුගේ බිරිඳ සහ දරු තිදෙනා ඔහු සමග සිට ඇති අතර එම අවස්ථාවේ දී කුඩා දරු තිදෙනා පියා රැගෙන නොයන ලෙස හඬා වැටෙන්නට වූ බව ද පොලිසිය පැවැසීය.
වාද්දුව පොතුපිටිය ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි සැකකරු බිරිඳ හා දරුවන් සමඟ පිළියන්දල ප්‍රදේශයට පැමිණීම සම්බන්ධයෙන් පැහැදිලි තොරතුරක් අනාවරණය කිරීමට අපොහොසත් වීම හේතුවෙන් දීර්ඝ ලෙස සිදු කළ ප්‍රශ්න කිරීමේ දී ඔහු බිරිඳ සහ කුඩා දරු තිදෙනා සමඟ ඉකුත් මාස හයක පමණ කාලය පුරා මාර්ග අංක (120 හොරණ, කැස්බෑව-පිටකොටුව ) (මාර්ග අංක 138 හෝමාගම පිටකොටුව) (මාර්ග අංක 296 පිළියන්දල - මහරගම) මාර්ගවල බස් රථවලට නැග ඉතා සූක්ෂම ලෙස පාසල් දරුවන්ගේ සහ කාන්තාවන්ගේ ජංගම දුරකථන සොරා අත්තරගම ගෙන තිබූ බවට පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත. සැකකරු සොරාගෙන තිබූ වටිනා ජංගම දුරකථන ගල්කිස්ස බඩෝවිට සහ පිටකොටුව ආදී ප්‍රදේශවලට ඉතා අඩු මුදලට විකුණා තිබිය දී සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේ දී අනාවරණය කළ තොරතුරු අනුව සොයා ගැනීමට හැකි වූ බව පොලීසිය කියයි. සැකකරු කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
බිමල් ශ්‍යාමන් ජයසිංහ
Comments
Post a Comment
Your comment will be visible after approval