nimal-siripala-air-lanka

පසුගියදා එයාර් ලංකා යානයක් කොරියාව බලා පිටත්ව යාමට ඇතිවූ ප්‍රමාදය නිසා ශ්‍රී ලන්කන් ගුවන් සේවය නැවත නැවතත් විවේචනයට ලක්විය. එදින ඇතිවූ සිදුවීම අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා අද පාර්ලිමේන්තුවේදී පැහැදිලි කලේ මෙසේය.

දයාසිරි ජයසේකර මන්ත්රීතුමා. ප්රශ්නයක් මතු කරා. කොරියාවට ගිය. යන්නට තිබුණු ගුවන් යානයක් ප්රමාද වීම නිසා. විශේෂයෙන්ම. කොරියාවට යන්න තියන ශ්රමිකයන්ට යම් යම් රැකියා අවස්ථාවල් නැතිවුණා කියලා. ඒ පිළිබඳව එතුමා අද ඇවිල්ලා කිව්වා. මේකට හේතුව? මේ අපේ ශ්රී ලංකන් ගුවන් සේවයේ ඉංජිනේරු අංශය ඒ වගේම විශේෂයෙන්ම පයිලට්ලා ඒ ගොල්ලෝ මේ අපිට සහයෝගය දෙන්නේ නැතුව වැඩ කරනව කියලා.

ඒ මිසක්ක කවුරුත් කෙනෙක් අසනීප වූ නිසා නෙවෙයි කියලා මම කියන්න කැමතියි එතුමාට මේ. විවේචනය කරන පළියට විවේචනය කරන්න එපා. එදා උන සිද්ධිය මේකයි ගරු මන්ත්රීතුමනි. එදා. කොරියාව බලා ගමන් කිරීමට තිබුණු ගුවන් යානයේ. ප්රධාන පයිලට් ඇතුළුව තව පොස්ට් ඔෆිසර් කෙනෙක් හිටියා. නම් කරලා තිබුණේ ඕෂධ තිලක විමලරත්න කියන පයිලට්.



 එතුමා. උදේ දවල්  එකයි හතලිහට මෙන්න මේ මෙඩිකල් සෙටිෆිකට් එක එවලා තිබ්බත් එතුමා කිව්වා ඒක නිකුත් කළා .
ඉතින් මෙහෙම එකක් එව්වා ඉන්පස්සේ එවලා කියලා දීලා මට ෆ්ලයි කරන්න බෑ අද නමුත් අපි ජාත්යන්තර නීති රීති අනුව. ප්රධාන පයිලට් විතරක් මේ ගුවන් යානය ගෙනියන්න බෑ. ක්රිස්ටෝෆර් කෙනෙක් ඉන්න ඕන.

ඒ අවස්ථාවේදී එයාර් ලංකා සමාගමේ මේ ඔපරේෂන් මැනේජර් ලගින් තව පයිලට් ලා හිටියා. ගරු මන්ත්රීතුමනි, විසි දෙනෙක් හිටියා ෆස්ට් ඔෆිසර්ස් ලා ඒගොල්ලන්ගෙ ඔෆ් ඩේ එක. එදා එයාගේ විවේක නිවාඩු දිනය. නමුත් මීට ඉස්සෙල්ලා ෆලයි කළා. ඒ වගේ අවස්ථාවක් වුනාම ඉදිරිපත් වෙලා රට ගැන කල්පනා කරලා රටේ ජනතාව ගැන කල්පනා කරලා තමන්ගේ එයාර් ලයින් එක ගැන කල්පනා කරනවා. මේ කෙනෙක් අසනීප වුණාම ඒ අය වැඩට එනවා.

නමුත් විසි දෙනාගෙන් එක්කෙනෙකු වත් එයා කිව්වට ආවෙ නැහැ. ටෙලිෆෝන් කරලා ඒ අයගෙන් ඉල්ලා හිටියා කරුණාකරලා මේ ෆයිට් එකට ෆස්ට් ඔෆිසර් කෙනෙක් එන්න. මේ මගින් රස්තියාදු වෙනවා. මෙහෙම කියා එක්කෙනෙක් වත් ආවේ නෑ.



 මෙන්න මේක තමයි ඇත්ත තිත්ත ඇත්ත මේක තමයි. කියනවා ශ්රී ලංකා ගුවන් සේවය ආරක්ෂා කරගන්න ඕන කියල රැක ගන්න ඕන කියල. නමුත් තමන්ගේ ඔෆ් එකෙන් මෙවැනි තත්ත්වයක් ඇති වෙලා තමන්ගේ සහෝදර නිලධාරියෙක් අසනීප වෙලා. අපිට මේ ෆලයිට් එක ගෙනියන්න සහයෝගයක් දෙන්නෙ නෑ. රුපියල් සත හමා යන සමාජයක තියෙන සත්ය මෙන්න මේකයි.

ඉතින් ඒ නිසා අපිට හැම ගුවන් යානයක් වෙනුවෙන්ම වෙනම. ඔෆිසර්ස් ල ගාණක් රඳවා තබන්නට පුළුවන් කමක් නෑ. එතකොට අපිට මේ ගුවන් සේවය ගෙනියන්න පුළුවන්කමක් නෑ. ගරු මන්ත්රීතුමනි ඉතින් ඒ නිසා මම දයාසිරි ජයසේකර මැතිතුමා කිව්වා මේ අසනීපයක් නිසා නෙමෙයි මේක වුණේ වෙන කාරණයක් නිසා කියල. ඒ නිසා හැන්සාඩ් ගත කරන්න ඉල්ලනවා

මේ වෛද්ය ආචාර්ය කාවන් ජේ කුරේ මහතා විසින් ඕෂධී විමල රත්න ෆස්ට් ඔෆිසර් නිකුත් කරපු වෛද්ය සහතිකය. හැන්සාඩ් ගත කරලා හැන්සාඩ් වාර්තාවට ඇතුළත් කරන්න කියලා මං ඉල්ලා සිටිනවා. එතකොට මේක සත්ය මුළු රටටම දැනගන්නට පුළුවන්. ඒ නිසා කට තිබුණු පලියට කතා කරන්නේ නැතුව බොරු දේවල් කියන්නේ නැතුව  මේ සභාව නොමග යැවීම ඉතාමත් බරපතල වරදක් බව කියන්නට ඕන.