
බෞද්ධ දර්ශනයට හා සංස්කෘතියට අපහාස වන අයුරින් ප්‍රකාශයක් සිදු කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනී නතාෂා එදිරිසූරිය ලබන මස 5 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
එමෙන්ම, ඇයගේ ප්‍රකාශය යූ.ටියුබ් නාලිකාවකින් ප්‍රචාරය කළ බෲනෝ දිවාකර ඇප මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ අද නියෝග කර ඇත.
බුදු දහමට අපහාස වන ආකාරයට ‘සුද්ධෝදනගේ පොඩි එකා‘ ආදීවශයෙන් බෝසත් චරිතයට නිගාවන ප්‍රකාශයක් සිදුකිරීමේ චෝදනාවට නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගත් අතර ඇයට ආධාර අනුබල දීමේ චෝදනා සම්බන්ධයෙන් බෲනෝ දිවාකර අත්අඩංගුවට ගෙන තිබුණි.
Comments
Post a Comment
Your comment will be visible after approval