mahinda kahandagama-arrested

කොම්පඤ්ඤවීදිය මෙට්රෝ නිවාස සංකීර්ණයේ නිවාසයක් ලබා දෙන බවට පවසා රුපියල් ලක්ෂ 70ක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලැබුණ පැමිණිල්ලක් මත හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම අත්අඩංගුවට පත්ව තිබේ.
කොම්පඤ්ඤවීදියේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් මෙට්රෝ නිවාස සංකීර්ණයේ නිවාසයක් ලබා දෙන බවට පවසමින් ඔහු පැමිණීලිකරුගෙන් රුපියල් ලක්ෂ 70ක මුදලක් ලබාගෙන ඇති නමුත් එවන් නිවසක් ලබාදී නැතිව වංචාකර ඇති බවත් පැමිණීලිකරු අවස්ථා දෙකකදී චෙක්පත් සහ මුදල් මගින් මෙම මුදල සැකකරුට ලබාදී ඇති බවත් කොළඹ වංචා විමර්ශන කාර්යාංශය අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.



ඒ අනුව මහින්ද කහඳගම අද කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කොළඹ වංචා විමර්ශන කාර්යාංශය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.
අත්අඩංගුවට ගත් පිටකොටුව වෙළෙද සංගමයේ සභාපති හා හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ලබා දුන් නියෝග අනුව දින 2 කට එනම් ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.


පසුගිය කාලයේ අරගලය සමයේ ප්‍රහාර දියත් කිරීමට පිරිස් මෙහයවූ බවට චෝදනාවට ලක්වූ මහින්ද කහඳගම පසුව මහජන ප්‍රතිප්‍රහාර හමුවේ තුවාල ලැබීය. ඔහු හරියටම මීට වසරකට පෙරත් 2022 ජුනි මස දින 5 කට රිමාන්ඩ් කෙරුනේ ගෝටාගෝගම ප්‍රහාරයට පිරිස් උසිගැන්වීමේ චෝදනා මතයි.
'මාව හොස්පිටල් ගෙනිහිං දාන්න අයියෝ' යන උපහාස වාක්‍යය සමාජ මාධ්‍ය වෙත ගෙන ආවේද මහින්ද කහඳගමයි.