
කොට්ටාව ධර්මපාල විද්‍යාලය අසල පුද්ගලික වෛද්‍ය රසායනාගාරයකදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කළ සිදුවීමක් අද (21) උදෑසන වාර්තා විය.
අද උදෑසන 8 ට පමණ ධර්මපාල විද්‍යාලය අසල පිහිටා ඇති වෛද්‍ය රසායනාගාරය තුළදී වෙඩි තැබීම සිදුකර තිබුනේ යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙන්නෙකුගෙන් කෙනෙකු විසිනි.
පොලිස් පරීක්ෂණ අනුව ටී 56 වර්ගයේ ගිනි අවියක් යොදා ගනිමින් එම වෙඩි තැබීම සිදු කර තිබෙන බව අනාවරණය විය.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ 33 හැවිරිදි එම රසායනාගාරයේ සේවකයෙකි. ඔහු රසායනාගාරයේ සිට වෙනත් තැනකට සාම්පල් එකතුකරමින් ගමන් කරන ජංගම සේවයක නිරතවන්නෙකු බවත් ඔහු අද දින උදෑසන සාම්පල් රැගෙන යාමට පැමිණ අසුනක වාඩිවී සිටියදී එතැනට පැමිණි ඝාතකයින් දෙන්නා ඔහු ඉලක්ක කර වෙඩි තබා පැනගොස් ඇති බවත් අනාවරණය විය.
හෙල්මට් සහිතව ආ දෙන්නා දොර ඇරිය විගස වෙඩි තැබීම සිදුකරන අතර කරන්නට යන්නේ කුමක්ද යන්න තේරුම් ගන්නටත් කලියෙන් මොහොතින් වෙඩි තබා පළායනු සීසීටීවී දර්ශන පෙන්නුම් කරයි.
පැමිණි අය සම්බන්ධයෙන් විමර්ශනය කළ පොලිස් නිලධාරීන්ට මේ වනවිට ලැබී ඇති තොරතුරු අනුව ඝාතනයට ලක්වූ පුද්ගලයා හා පැවති කොන්තර කරුවන් පිළිබඳ අනාවරණයවී ඇත.
මියගිය පුද්ගලයා මින් ඉහත මිනීමැරුමකට සම්බන්ධ බවට පිරිසක් සැකකරමින් සිට ඇතිඅතර එම පිරිසේ අය මොහුව ඉලක්ක කර වෙඩි තබා ඝාතනය සිදුකරන්නට ඇත්තේ එකී පෙර සිදුවීමට පලිගැනීමක් ලෙස බවට පොලිසිය සැක කරයි.තවම කිසිවෙකු අත්අඩංගුවට ගෙන නැත.
පරීක්ෂණ දිගටම සිදුවේ.CCTV below
Comments
Post a Comment
Your comment will be visible after approval