
අද (21) උදෑසන කොට්ටාව ධර්මපාල විද්‍යාලය ආසන්නයේ වෙඩි තැබීමක් සිදුව ඇතැයි පොලිසිය පවසයි. වෙඩි තැබීම සිදුව ඇත්තේ මෙම විදුහල අසළ පිහිටි පුද්ගලික වෛද්‍ය රසායනාගාරයක් තුළදීය. වෙඩි වැදුණ පුද්ගලයා ලේවිලක් මැද වැටී එතැනම මියගොස් ඇතැයිද වාර්තාවේ.
වෙඩි තැබූ අය පළාගොස් ඇති අතර පලාගිය සැකකරුවන් සොයා පොලිස් විමර්ශන අරඹා ඇත.
මෙම සිදුවීම හේතුවෙන් පාසලේ ආරක්ෂාවට බලපෑමක් නැතැයි පොලිසිය දන්වා තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval