
නැති වූ බැංකු කාඩ් පතකට පියා සහ එකම සහෝදරයා සමග රණ්ඩු වූ පසු තරුණයාගේ සිරුර නිවසේ කාමරයේ බාල්කයක එල්ලෙමින් තිබිය දී පෙරේදා (12) රාත්‍රී සොයාගත් බව කැස්බෑව පොලිසිය කියයි. එලෙස මිය ගොස් ඇත්තේ කැස්බෑව හල් පිට කාශ්‍යප මාවත ප්‍රදේශයේ පදිංචිව සිටි සිත ගල වතුකාරගේ ලුෂන් බුද්ධික යසරත්න 23 තරුණයකු බව පොලිසිය කියයි. වඩු කාර්මිකයකු ලෙස හා ත්‍රිරෝද රථ රියදුරකු ලෙස රැකියාව කරන මියගිය තරුණයා පියාට අයත් බැංකු කාඩ් පත නැති වීම සම්බන්ධයෙන් පියා නිවස තුළ දෝෂාරෝපණය කර ඇතැයි පොලිසිය කියයි.
මියගිය තරුණයා සහෝදරයා සමග රණ්ඩු වී ඇති අතර මව පැමිණ සමථ කිරීමෙන් අනතුරුව මියගිය තරුණයාට එල්ල වී ඇති ප්‍රහාරයකින් සිහි විසඥ වී ඇති බව පොලිසිය කළ පරීක්ෂණවල දී හෙළි වී ඇත.
අනතුරුව මව පියා සහ සහෝදරයා එක්ව තුවාල ලබා සිටි මියගිය තරුණයා රෝහල් ගත කිරීම සඳහා රැගෙන යමින් සිටිය දී ඔහු නැවත ප්‍රකෘති තත්ත්වයට පත්වීමත් සමගම ත්‍රිරෝද රථය තුළ දී සහෝදරයට පා පහරක් එල්ල කර ඇති අතර එයින් සහෝදරයා ත්‍රිරෝද රථයේ දකුණු පස කුඩා දොරත් සමග මාර්ගයට වැටී ඇතැයි පොලිසිය කියයි. එම සිද්ධියෙන් පසුව පැය කිහිපයකට පසුව වැඩිමල් පුතු කාමරේ බාල්කයක දුරකථන කම්බියක් ආධාරයෙන් එල්ලී සිටින අයුරු පියා දැක තිබූ බව පොලිසිය කියයි.
මරණය සම්බන්ධයෙන් පිළියන්දල හදිසි මරණ පරීක්ෂක අජිත් විජේසිංහ මහතාට දැනුම් දීමෙන් අනතුරුව ඔහු පැමිණ මූලික විමර්ශන සිදුකර පෙර සිදුවීම් සම්බන්ධයෙන් අවධානය යොමුකර අදාළ මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිසියට නියෝග කළේය. ඒ අනුව කැස්බෑව අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත් බිංදු විතානගේ මහතා සිද්ධිය වූ ස්ථානයට පැමිණ පරීක්ෂණ පවත්වා මළ සිරුර කළුබෝවිල ශික්ෂණ රෝහලේ තැන්පත් කර අධිකරණ වෛද්‍ය නිලධාරිවරයෙකු ලවා පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා එහි වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය.
බිමල් ශ්‍යාමන් ජයසිංහ
Comments
Post a Comment
Your comment will be visible after approval