
මහනුවර ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර පාසලක රුපියල් ලක්ෂ 39ක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම පාසලේ මුදල් අයකැමිවරිය මහනුවර මූලස්ථාන පොලිසියේ වංචා විමර්ශන අංශය විසින් ඊයේ (05) අත්අඩංගුවට ගෙන තිබේ.
එම පාසලේ සිසු සිසුවියන් විදේශීය විභාග සඳහා යොමු කරන අංශයේ විභාග ගාස්තු වංචාවක් සිදුව ඇති බවට එහි පාලනාධිකාරිය විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මාතලේ ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි එම කාන්තාව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. පොලිසිය විසින් සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ එම අදාළ කාන්තාව වසර 02කට ආසන්න කාලයක සිට එම මුදල් වංචාව සිදු කර ඇති බවයි.
ෂේන් සෙනෙවිරත්න
Comments
Post a Comment
Your comment will be visible after approval