
ගාල්ල, හබරාදූව, පීල්ල ගොඩ චෛත්‍යාලංකාර විහාරස්ථානය වැඳපුදා ගැනීමට ගිය යුක්රේන ජාතික සංචාරක කාන්තාවකට ලිංගික අතවරයක් සිදු කළ බව කියන 19 හැවිරිදි තරුණයකු හබරාදුව පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු උණවටුන ප්‍රදේශයේ පදිංචි අයෙකි.
උණවටුන ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන සිටින මෙම කාන්තාව නිතර විහාරස්ථානය වන්දනාමාන කිරීමට යෑම පුරුද්දක් කරගෙන සිට ඇති තැනැත්තියක් බව පොලිසිය පවසයි.
සංචාරක කාන්තාව පෙරේදා දිනයේ ද සුපුරුදු ලෙස විහාරස්ථානයට ගොස් බෝධිය වන්දනාමාන කිරීමේ නිරතව සිට ඇත.
ඒ අවස්ථාවේ සැකකාර තරුණයා පැමිණ බුදු ගෙය වන්දනා කිරීමටඇයට ආරාධනයක් කර තිබෙන බව පොලීසිය කියයි.
තරුණයාගේ ආරාධනය අනුව මෙම සංචාරක කාන්තාව බුදු ගෙය වන්දනාමාන කර පිටතට පැමිණෙනවාත් සමගම එම තරුණයා ඇයට ලිංගික අතවරයක් කර පලාගොස් ඇතැයි පොලිසිය පවසයි.
එම සිදුවීමෙන් කම්පනයට පත් වූ බව කාන්තාව සිද්ධිය පිලිබඳ පොලිසියට පවසා තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval