
ගමේ මරණාධාර සමිතියට ආධාර පිණිස පැවැත්වූ පින්කම් මාලාවේ භක්ති ගීත ගැයීමට සිටි අට හැවිරිදි දැරියක් බරපතළ ලෙස අපයෝජනය කළ පුද්ගලයෙකු එළඹෙන 12වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ගම්පොළ මහේස්ත්‍රාත් නාමල් පෙරේරා මහතා පෙරේදා (30දා) නියම කළේය. මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ, ගම්පොල ඇත්ගාල ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි පුද්ගලයෙකි.
දරුවන්ගෙත් දරුවෝ සිටින මෙම පුද්ගලයා අපයෝප්නයට ලක්වූ දැරියගේ අසල්වැසි සීයා කෙනෙකි.
ගමේ මරණාධාර සමිතිය සදහා ආධාර ලබාගැනීමේ අරමුණින් සල්පිලක්, වෙන්දේසියක් භක්ති ගීත ඇතුළු අංග රැසකින් සමන්විත පින්කම් මාලාවක් පවත්වා ඇත්තේ වෙසක් පොසොන් ආදී මාස මුල් කරගනිමිනි.එහි එක් භක්ති ගීත කණ්ඩායමක මෙම දැරිය සිටින අතර, ඒ සඳහා මව සමග එහි යාමට සූදානම්ව සිට ඇති අතර, දැරියගේ කොණ්ඩය සඳහා රිබත් එකක් අවශ්‍යව තිබී ඇති අතර එය ගෙන ඒම සඳහා ගමේ වෙළෙඳ සැල වෙත දැරිය තනිවම ගොස් තිබෙන බවත් පැමිණිල්ලේ සඳහන් වේ.
ඒ අතර හමුවූ සැකකරු මෙම දැරිය කිසිවකුත් නොමැති ඔහුගේ නිවෙසට කැඳවාගෙන ගොස් තිබෙන බවත්, දැරිය නිවෙසට ඒම පමා වීම පිළිබඳව මව සොයා ඇති අතර මෙම පුද්ගලයාගේ නිවසේ සිට ඇය එන අයුරු දැක ඒ පිළිබඳ විමසා ඇත. එහිදී මෙම පුද්ගලයා පවසා ඇත්තේ ගෙදර බල්ලා හපයි කියා දැරිය නිවස තුළට ගත් බවත්, නමුත් ඇගේ නිවසට ගිය දැරිය සිදු වූ සියල්ල මවට පවසා තිබේ.පසුව මෙම පැමිණිල්ල ළමාරක්ෂණ අධිකාරියටත් ගම්පොල ඇත්ගාල පොලිසිය වෙතත් ලැබීමෙන් පසු මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබුණි.
සුරංග දිල්හාන්
Comments
Post a Comment
Your comment will be visible after approval