
ඖෂධ නිෂ්පාදනය කරනු ලබන ආයතනයක් පවත්වාගෙන යනු ලබන පුද්ගලයෙකුගේ නිෂ්පාදන හා වෙළෙඳ කටයුතු පිළිබඳ අවතක්සේරු කර ඒ පිළිබඳ දැන්වීම් සකසා සමාජ මාධ්‍ය වෙත මුදාහරින බවට තර්ජනය කර රුපියල් ලක්ෂ 10 ක කප්පම් මුදලක් ඉල්ලූ බවට පසුගිය 09 වන දින මීගොඩ පොලිස් ස්ථානය වෙත අයෙකු පැමිණිල්ලක් සිදු කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකර ඇති පොලිසිය උපායක් යොදා සැකකරු පැමිණිලිකරුට 16 වන දින රුපියල් ලක්ෂ 10 මුදලක් රැගෙන බණ්ඩාරගම නගරයට පැමිණ ලබාදෙන ලෙසට කරනු ලැබූ දැනුම්දීම මත පොලිස් නිලධාරීන් විසින් බණ්ඩාරගම නගරයේදී මෙම කප්පම් මුදල් ලබාගැනීමට පැමිණි සැකකරුවන් තිදෙනෙකු පිහියක් සමඟ අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු වයස අවුරුදු 54 වන අළුබෝමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අනෙක් සැකකරුවන් දෙදෙනා අවුරුදු 27 හා 54 වයස්වල පසුවන පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.
සැකකරුවන් 17 වන අද දින හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. මීගොඩ පොලිසීය වැඩිදුර විමර්ශන සිදුකර ගෙන යනු ලබයි.
Comments
Post a Comment
Your comment will be visible after approval