
ලොව අංක එකේ ධනවතා එලොන් මස්ක් කිසිදා ප්‍රවෘත්තිවලින් බැහැර නොවන්නෙකු වන්නා සේම කැමැත්තෙන් ප්‍රසිද්ධිය භුක්ති විඳින බව පෙනේ. මෑතකදී, කෘත්‍රිම බුද්ධිය යොදවා නිමැවූ ඔහුගේ ඉන්දීය මනාල ඡායාරූපය සමාජ මාධ්‍ය තුළ වෛරසයක් මෙන් පැතිර ගියේය. සාමාන්‍යයෙන් අඳින සාම්ප්‍රදායික ඉන්දියානු ඇඳුමක් වන ඇත්දළ පැහැති ෂර්වානියකින් සැරසී සිටින මස්ක්ගේ පින්තූරයක් අන්තර්ජාලයේ ජනප්‍රිය විය.
මෙම රූපය ප්‍රකෝටිපතියාගේ අවධානයට ලක් වූවක්ද වූයේය.
ඔහු මංගල අමුත්තන් සමඟ නර්තනයේ යෙදෙන ආකාරය සහ රාජකීය ඉරියව්වක් ද ඡායාරූපයේ දැක්වේ. ඔහුගේ අත්වල සාම්ප්‍රදායික හැනා චිත්‍ර ද දැකිය හැකිය. පින්තූරය සමාජ මාධ්‍යවල වෛරස් වූ විගස, මස්ක් විසින්ම එය දැක ඔහුගේ ප්‍රතිචාරය බෙදා ගත්තේය. මස්ක් ලිව්වේ, "I Love It" ලෙසිනි.

Comments
Post a Comment
Your comment will be visible after approval