
ඉන්ධන වලින් පරිසරයට සිදුවන හානිය වළක්වා ගැනීම සහ ඉන්ධන මිල ඉහළ යාමෙන් ප්‍රවාහන ගාස්තු වැඩිවීමේ ගැටළුවට විදුලි බස් රථ හොද විසඳුමක් බවත් ඒ සඳහා කැබිනට් අනුමැතිය හිමිවී ඇති බවත් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මෙලෙස පැවසීය.
“විදුලි බස් රථ කොළඹ නගරය ආශ්‍රිතව යොදන්න කැබිනට් අනුමැතිය ලැබිලා තියෙනවා. ඒ අනුව, ඉදිරියේදී අපි ඒ සඳහා අභිප්‍රාය කැඳවීමක් කරන්න බලාපොරොත්තු වෙනවා විදුලි බස් රථ ධාවනය කරන්න. මේ පොසිල ඉන්ධනවලින් පරිසරයට වන හානිය වළක්වා ගැනීම සඳහා, විශාල ලෙස ඉන්ධන මිල ඉහළ යාමෙන් ප්‍රවාහන ගාස්තු වැඩිවීමේ ප්‍රශ්නයටත් විසඳුම වෙන්නේ පොදු ප්‍රවාහනය විදුලිය බවට පත් කිරීම. ඒහිදී අපි බස් රථ පමණක් නෙමෙයි ත්‍රීරෝද රථ, වෑන් හා අනෙක් දුම්රිය පවා අනාගත කාලපරිච්චේදය තුළදී විදුලිය බවට පරිවර්තනය කරන්න උත්සාහ දරනවා. මේ අවුරුද්ද තුළදී පුද්ගලික අංශය විදුලියෙන් ක්‍රියා කරන ත්‍රිරෝද රථ වෙළෙඳපොළට නිතුක්කරයි.”
Comments
Post a Comment
Your comment will be visible after approval