
එගොඩ උයන. කොරළවැල්ල ප්‍රදේශයේ මාර්ගයක් අසල කාර් රථයක් නතර කර ගෙන එම රථය තුළ සිටි නීතිඥවරයාට පිහියක් පෙන්වා මරා දමන බවට තර්ජනය කර රුපියල් එක්ලක්ෂ පනස්දාහක් වටිනා ස්මාර්ට් වර්ගයේ අත් ඔරලෝසුවක් සහ රුපියල් 50000 ක මුදලක් නාඳුනන පුද්ගලයින් තිදෙනකු විසින් කොල්ලකා ඇතැයි පොලිසිය පවසයි.
මේවා පැහැර ගැනීමට කලින් මෙම පුද්ගලයන් තිදෙනා නීතිඥවරයා ඒ ටී එම් යන්ත්‍රයක් අසලට රැගෙන ගොස් ඔහුගේ ඒටීඑම් කාඩ් එකෙන් රුපියල් පනස් දහසක මුදලක්ද බලහත්කාරයෙන් ලබාගෙන එම මුදල රැගෙන පලා ගොස් ඇතැයි
වාර්තා විය.
නීතිඥවරයා මේ බව පැමිණිලි කිරීමෙන් පසු එගොඩ උයන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ පොලිස් නිලධාරින් සැකකරුවන් ගැන තොරතුරු අනාවරණය කරගෙන ඔවුන් අත්අඩංගුවට ගැනීමට පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇත.
මෙම නීතිඥවරයා මොරටුව එගොඩ උයන ප්‍රදේශයේම පදිංචි අයෙකි.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
Comments
Post a Comment
Your comment will be visible after approval