dubai-car-sri-lanka

පාවිච්චි කරන ලද අමතර කොටස් යැයි රේගුවට ප්‍රකාශ කරමින් ඩුබායි සිට මෙරටට නීති විරෝධීව ආනයනය කළ රුපියල් කෝටි 35කට අධික වටිනාකමින් යුත් සුඛෝපභෝගි වාහන තුනක් ඇතුළු භාණ්ඩ තොගයක් ඊයේ (06) රේගුව භාරයට ගනු ලැබීය.

රුපියල් කෝටි 4ක් වටිනා ටොයෝටා ප්‍රියස් මෝටර් රථයක් සහ ටොයෝටා ඇලියොන් මෝටර් රථ දෙකක්,

එක්සත් අරාබියේ සහ බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත රුපියල් කෝටි 18ක් පමණ වටිනා සුවඳ විලවුන් සහ රූපලාවන්‍ය ද්‍රව්‍ය, විදේශ මත්පැන්, ඔලිව් ඔයිල් සහ විදේශ දුම්වැටි තොගයක් මෙම භාණ්ඩ තොගයට ඇතුළත් බව කී රේගුව සඳහන් කරයි. එම භාණ්ඩ තොගය අඩි 40 බහාලුමක ගබඩාකර තිබූ බව ද රේගුව කියයි.

මෙම භාණ්ඩ තොගය පාවිච්චි කළ වාහන අමතර කොටස් යැයි රේගුවට පවසා කොළඹ කොටුව චැතම් වීදියේ ආයතනයක ලිපිනයකට යොමු කර තිබූ බවත් ශ්‍රී ලංකා රේගු ආදායම් අධීක්‍ෂණ අංශයේ ජංගම ගබඩාවේ දී ඒවා පරික්‍ෂා කළ බවත් රේගුව සඳහන් කරයි. මෙම භාණ්ඩ තොගය රේගුවෙන් නිදහස් කරගත්තේ නම් රජයට රුපියල් කෝටි 22 කට අධික ආදායමක් අහිමිවීමට ඉඩ තිබූ බවත් රේගු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ටී.කේ. ජී. කපිල