
ඊයේ (24) හොංකොං ජාත්‍යන්තර ගුවන්තොටුපළ ධාවන පථයේ ඉහළ නැංවීමකට වේගයෙන් ගමන් කරද්දී කැතේ පැසිෆික් ජෙට් ලයිනර් ගුවන් යානයක ටයරයක් පිපිරීමට ලක්වීමෙන් අනතුරක් සිදුව තිබේ.
මේ හේතුවෙන් යානයේ සමබරතාව නැතිවී ගොස් ඇති අතර ඇතුලේ සිටි 310 කට හදිසි දොරවල් වලින් පිටව යන්නට සිදුව ඇත. ඇතිවූ කලබලය හා තෙරපීම් මැද මගීන් 11 දෙනෙකු තුවාල ලැබූ බව ගුවන් සමාගම පවසයි.
අනතුර නිසා ගුවන් ගමනද අත්හිටුවන ලදි.
ලොස් ඇන්ජලීස් බලා පිටත්ව යන CX880 ගුවන් යානයක් මේ ආකාරයට අනතුරට ලක්විය.
“තාක්ෂණික ගැටලුවක්” හේතුවෙන් කාර්ය මණ්ඩලය ගුවන්ගත වීම නවතා දැමීමට සහ “පූර්වාරක්ෂාකාරී මගීන් ඉවත් කිරීමක්” සිදුවූ බව නිල නිවේදනයක් මගින් සමාගම දන්වා ඇත.
මෙම ගුවන් යානයේ මගීන් 293 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 17 දෙනෙකු සිට ඇත.
කෙසේ වෙතත් සිදුවීම සිදුවූ විගස ගුවන් තොටුපළ කැතේ පැසිෆික් ගැටලුව පිළිබඳව කිසිදු විස්තරයක් ලබා දුන්නේ නැත. හොංකොං (RTHK) පුවත් සේවය වාර්තා කළේ යානයේ එක් ටයරයක් අධික ලෙස රත් වී එය පුපුරා ගිය බවයි. නම හෙළි නොකළ මගියෙකු TVB වෙත පැවසුවේ යානය හදිසියේ තිරිංග දැමීම නිසා මගීන් භීතියට පත් වූ බවයි.රෝහල්වල ප්‍රතිකාර ලැබූ මගීන් එකොළොස් දෙනාගෙන් නව දෙනෙකුම පිටව ගොස් ඇත.
කෙසේ වෙතත් වෙනත් ගුවන් යානයක් භාවිතා කරමින් ගුවන් යානය ලොස් ඇන්ජලීස් වෙත සිද්ධියෙන් පැය කීපයකට පසු පසුදා පෙරවරු 10:12 ට පිටත් වූ අතර 10 දෙනෙකු පමණක් මගහැරී මගීන් 283 දෙනෙකු ද රැගෙන ගිය බව සඳහන් වේ.

Comments
Post a Comment
Your comment will be visible after approval