
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනකු අතර ඇතිවූ ගුටි බැට හුවමාරුවකින් පසු දෙදෙනාම තුවාල ලබා ප්‍රතිකාර සඳහා එම රෝහලටම ඇතුළත් කර ඇත.
රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයයේදී විශේෂඥ වෛද්‍යවරයකු සහ තවත් වෛදවරයකු අතර ඊයේ (19 වැනිදා) මෙම ගැටුම ඇතිවී තිබේ. රාජකාරි කටයුත්තක් සම්බන්ධයෙන් වෛද්‍යවරුන් දෙදෙනා අතර ඇතිවූ වචන හුවමාරුව ගුටි බැට හුවමාරුවක් දක්වා උත්සන්න වී ඇතැයි පැවසේ. මෙම ගුටි බැට හුවමාරුව සිදුවී ඇත්තේ එම ස්ථානයේ රෝගීන් පිරිසක්ද සිටියදීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය දුලාන් සමරවීර පැවසීය.
Comments
Post a Comment
Your comment will be visible after approval