
ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතු ඒ - 330 - 200 පළමු ගුවන් යානය වසර 23ක සේවයෙන් පසුව යළිත් ප්‍රංශය වෙත භාරදීමට සූදානම් කර තිබේ.ශ්‍රී ලන්කන් ගුවන් සේවය මෙම ගුවන් යානා,
ඒවා නිෂ්පාදනය කරන ප්‍රංශයේ එයා බස් සමාගමෙන් ලීසිං පදනම මත ලබාගෙන ඇත. මෙම ගුවන් යානය ඒ 300 - 200 කාණ්ඩය යටතේ ශ්‍රී ලන්කන් ගුවන් සේවය ලබාගෙන ඇති පළමු ගුවන් යානයයි. මෙම ගුවන් යානය තුළ ව්‍යාපාරික පන්තියේ ආසන 18ක් සහ පිරිමැසුම්දායක පන්තියේ ආසන 251ක් තිබේ.
මෙම යානය ශ්‍රී ලන්කන් ගුවන් සේවය විසින් ලන්ඩන් හීත්‍රෝ, ජර්මනියේ ෆ්‍රෑන්ක්පර්ට්, ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්, රුසියාවේ මොස්කව් වැනි දිගු දුර ගමනාන්ත වෙත සේවය සදහා යොදවා තිබූ අතර, මේ වනවිට මෙම ගුවන් යානය පියාසර පැය ලක්‍ෂයක් සම්පූර්ණ කර ඇති බවද ශ්‍රී ලන්කන් ගුවන් සේවා ප්‍රකාශකවරයෙක් පැවසීය. කටුනායක ගුවන්තොටුපොළ වෙත එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් ප්‍රහාර එල්ල කළ අවස්ථාවේ මෙම ගුවන් යානයද කටුනායක ගුවන්තොටුපොළ තුළ නවතා තිබූ අතර, එම ප්‍රහාරයෙන් එහි නවතා තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානා 06ක් ප්‍රහාරයට ලක්වත්දි, මෙම ගුවන් යානය එම ප්‍රහාරයෙන් බේරී තිබිණි.
ටි.කේ. කපිල
Comments
Post a Comment
Your comment will be visible after approval