
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් චන්ද්‍රසේන මහතා මෙසේ පැවසීය.
"අපිට මේකයි, දුන්නොත් අපි රටට වැඩ කරනවා. නුදුන්නා කියලා අපි කළකිරිලා පැත්තකට වෙලා කඳුළු සල සල ඉන්න ජාතියේ මිනිස්සු නෙමෙයි. අපිට ජය පරාජය තිබුනත් නැතත් අපි ශක්තිමත්ව දේශපාලනය කරන පිරිසක්. ගෝඨාභය ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලේ කට්ටියක් පත්කරා ආයේ කට්ටියක් පත්කරලා ආයේ පත්කරා. ජේෂ්ඨයෝ ගැන සැළකුවේ නෑ. ඒක තමයි දිගින් දිගටම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා දක්වා ඇවිල්ලා තියෙන්නේ.
පළාත් පාලන මැතිවරණය ආවත් පළාත් සභා මැතිවරණය එනවා කියලා ආරංචියකුත් තියෙනවා. එහෙම ආවත් පොහොට්ටුව ඉහළින්ම ජයග්‍රහණය කරනවා. දේශපාලන වශයෙන් ජනාධිපතිවරයෙක් රටේ පත් කරනවා ජනාධිපති අපේක්ෂකයා කියන එක්කෙනා ආවට ගියාට මට තනියෙන් කියන්න බෑ. පක්ෂේ වෙනයි අනෙක් තනතුරු වෙනයි. පොදු ජන පෙරමුණ හදන්න මූලික වෙච්ච පුද්ගලයෙක් මම."
Comments
Post a Comment
Your comment will be visible after approval