
ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් ඊයේ (18) රාත්‍රී කැලණිය සරසවිය අසල පැවති සිසු විරෝධයක් අතරතුර අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙයි.
සරසවි සිසුන් පිරිසක් පන්දම්ද රැගෙන සරසවි භූමියේ සිට කොළඹ – මහනුවර මාර්ගය දෙසට ගමන් කරන අතර දැඩි පොලිස් රැකවල් යොදා තිබුණි.
කැළණිය විශ්ව විද්‍යාලය ඉදිරිපිට පැවති මෙම විරෝධතාවේදී පොලිස් රාජකාරියට බාධා කිරීමේ චෝදනාව මත ඔහු කිරිබත්ගොඩ පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති බව දන්වා ඇත.

Comments
Post a Comment
Your comment will be visible after approval