thirani-peiris-daughter-passed-away

ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිණී තිරාණි පීරිස් මහත්මියගේ ආදරණීය දියණිය නෙතාෂා පීරිස් විදෙස්ගතව සිටියදී හදිසියේ අභාවප්‍රාප්තවී තිබේ.
ඇය රූපලාවන්‍ය ශිල්පිණී තිරාණි පීරිස් මහත්මියගේත්, නීතීඥ ගීතාල් පීරිස් මහතාගේත් එකම දියණිය විය. එම පවුලේ නෙතාෂාට සිටින්නේ වැඩිමල් සොයුරෙකු පමණි.


ලයිසියම් ජාත්‍යන්තර පාසලින් 2020 වසරේදී උසස් පෙළ හැදෑරීමෙන් පසු මැලේසියාවේ මොනෑෂ් සරසවියේ වැඩිදුර අධ්‍යාපනය ලැබීමට ගොස් සිටි නෙතාෂා මැලේසියාවේ ඇය පදිංචිව සිටි නිවස්නයේදී හදිසියේ අසනීපවී ජීවිතයෙන් සමුගෙන ඇති බව වාර්තාවේ.
කලා ලෝකය සමග සමීප බැඳීමකින් කටයුතු කළ තිරාණි පීරිස් මහත්මිය වෙත මෙම හදිසි වියෝව හේතුවෙන් කණගාටුව පළකරමින් කලාකරුවන් රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ සිය කම්පනය හා ශෝකය පළ කර තිබේ.