
තායිලන්තයේ පැවැත්වෙන මීළඟ මහ මැතිවරණයේ ප්‍රධානතම අපේක්ෂිකාවක වන ෂිතවත්‍රා පවුලේ පේටොන්ග්ටාරින් ෂිතවත්‍රා පසුගියදා පිරිමි දරුවෙකුට උපත ලබාදුන් බව වාර්තා වෙයි.
මැතිවරණයට සති දෙකක් පමණ කාලයක් තිබෙද්දී ඇය මෙලෙස යළිත් මවක් බවට පත්ව තිබේ. මේ ඇගේ දෙවැනි දරුවාය. තායිලන්තයේ ප්‍රධානතම විපක්ෂය වන පෙයු තායි පක්ෂය නියෝජනය කරමින් ඇය මෙවර මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටියි. ඇය තායිලන්තයේ හිටපු අගමැතිවරයෙකු වූ තක්ෂින් ෂිනවත්‍රාගේ දියණියද වෙයි. එසේම ඔහුට පසුව අගමැති ධුරයට පත්වූ යින්ග්ලක් ෂිනවත්‍රා ඇගේ නැන්දනියයි.
මෙම දරු උපත සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති 36 හැවිරිදි පේටොන්ග්ටාර්න් ෂිනවත්‍රා සියල්ලන්ගේම සහයෝගයට ස්තූතිය පුදකර තිබේ. එසේම මුලින් මව සුව අතට පත්වන තෙක් සිටින ලෙසත්, ඉන් අනතුරුව තමන් මාධ්‍ය හමුවට පැමිණෙනු ඇති බවත් ඇය පවසා තිබේ. තායිලන්තයේ මීළඟ මහ මැතිවරණය ලබන මැයි 14දා පැවැත්වීමට නියමිතව තිබේ. දැනට සිදුකර ඇති මත සමීක්ෂණ අනුව මහ මැතිවරණයෙන් පේන්ටොන්ටොර්න් ෂිනවත්‍රා ඉදිරියෙන් සිටින බව වාර්තා වෙයි. වර්තමානයේදී එරට පාලනය දරන්නේ හිටපු හමුදා ප්‍රධානී, වත්මන් අගමැති ප්‍රයුත් චාන් ඕවාය. හිටපු අගමැතිනී යින්ග්ලක් ෂිනවත්‍රා ධුරයෙන් පහකරමින් ඔහු තායිලන්තයේ බලයට පැමිණියේය.

Comments
Post a Comment
Your comment will be visible after approval