rohitha-speaks

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන අද (9) දින පාර්ලිමේන්තුවේදී කළ කථාවකදී අදට යෙදෙන අරගල ප්‍රචණ්ඩත්වයේ සැමරුම ගැන සඳහන් කරමින් කථාවක් කළේය. ඔහු කියා සිටියේ අරගලයට සම්බන්ධවී සිටි අය සමාජ විරෝධීන් බවයි. ඔවුන් වැඩි දෙනෙකු උන්මත්තකයින්, කුඩු කාරයින්, අසාමාන්‍ය හැසිරීම් ඇති අය මෙන්ම සමලිංගිකයින් බවද ඔහු කියා සිටියේය.


ඒ අයට අරගලයෙන් පසු කාලයේදී ඉබේම දිට්ඨ දම්ම වේදනීය කර්මය පඩිසන් දුන්නේ යයි මන්ත්‍රී වරයා සඳහන් කලේය.
අලුත්ම ආරංචිය කලුතර සිද්ධිය බවත් වයස 16 මාස 9 ක දැරියක තමා නියෝජනය කරන කලුතර ලැගුම් හලකට රැගෙන යාම හා ඇය මරණයට පත්වීම ගැන තමා සොයා බැලූ බවත් එම වරදට සම්බන්ධ බවට සැකකරන පුද්ගලයා අරගලයේ කළුතර ප්‍රධානියා බවත් ඔහු කියා සිටියේය.
ඒ ගැන කියූ හැටි වීඩියෝව මේ සමග පලවේ.