
කථන ආබාධිත සහිත හතළිස් හැරිදි විවාහක කාන්තාවක දූෂණය කිරීම සහ ගැබිනි කාන්තාවක ඔසවා බිම දමා පසුව ඇයට ලිංගික අතවරයක් සිදුකළේ යැයි කියන 24 හැවිරිදි විවාහක තරුණයකු පූගොඩ පොලිසිය
පෙරේදා අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගෙන ඇත්තේ අවිස්සාවේල්ල කොස්ගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
කොස්ගම පොලිස් වසමේ පිහිටි නිවසකට හොර රහසේ ඇතුළුවී එම නිවසේ සිටි කාන්තාවකට ලිංගික අතවර කිරීමට උත්සාහ කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ද මෙම සැකකරුට එරෙහිව අවිස්සාවේල්ල අධිකරණයේ නඩුවක් තවමත් විභාග වෙමින් පවතින බවද පොලිසිය පවසයි. මීට අමතරව මෙම සැකකරු ප්‍රදේශ කිහිපයක පිහිටි නිවසවලට රාත්‍රී කාලයේ හොර රහසේ ඇතුළු වී කාන්තාවන්ට සහ තරුණියන්ට ලිංගික අතවර කිරීමට උත්සාහ කිරීමේ සිද්ධීන් ගණනාවක් සම්බන්ධයෙන් ද තොරතුරු පොලිසියට ලැබී ඇතැයි කියති. බොහෝ දෙනෙකු ලැජ්ජාව නිසා මේ බව පොලිසියට පැමිණිලි කිරීමට ගොස් නොමැති බවද පැවසේ.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
Comments
Post a Comment
Your comment will be visible after approval