
පානදුර සාගර මාවතේ මෝය කට අසල දුම්රිය පාලම යට ගං ඉවුරේ තිබී නාඳුනන මළ සිරුරක් හමුව තිබේ.
පොලීසිය පැවසුවේ ඊයේ (30) උදෑසන කාලයේ එම මළ සිරුර හමුව ඇති බවයි.
මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර අවුරුදු 50ක පමණ පිරිමි පුද්ගයෙකි.
එම පුද්ගලයාගේ කොණ්ඩය නොමැති අතර මෘත ශරීරය හඳුනාගත නොහැකි තරමට ඉදිමී ඇති බව පොලීසිය පවසයි.
මළ සිරුරේ දෙපා දණ හිසෙන් පහළ කොටස නොමැති අතර තුනටිය අසල තුවාල වී ඇත.
මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නාගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පානදුර දකුණු පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
Comments
Post a Comment
Your comment will be visible after approval