naveen-speaks

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නව පළාත් ආණ්ඩුකාරවරුන් ලෙස එක්සත් ජාතික පාක්ෂිකයින් කිහිප දෙනෙකු පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා අද ප්‍රකාශ කළේය.



“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(B) වගන්තිය යටතේ නව ආණ්ඩුකාරවරුන් පත් කිරීමට ජනාධිපතිවරයාට බලතල තිබේ. ඒ නිසා කළු පැල්ලමක් නැති එක්සත් ජාතික පාක්ෂිකයින් නව ආණ්ඩුකාරවරුන් ලෙස පත් කරන්න එතුමාට අදහසක් තියෙන්න පුළුවන්,” මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් දිසානායක මහතා පැවසීය.

“ආණ්ඩුකාර තනතුරක් සඳහා අපේක්ෂකයෙකු ලෙස විශේෂයෙන් සමාජ මාධ්‍යවල මගේ නමද සඳහන් වේ, නමුත් මම මා ගැන කතා කිරීමට කැමති නැත,” ඔහු වැඩිදුරටත් පැවසීය.

එජාප මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර එජාපය හැර යන සියල්ලන්ම දේශපාලනිකව විනාශ කර ඇති බවට කළ ප්‍රකාශය තම පියා දිවංගත අමාත්‍ය ගාමිණී දිසානායකටද අදාළ වන බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කළ විමසීමකදී හිටපු අමාත්‍යවරයා කියා සිටියේ තම පියා යළි එජාපයට පැමිණ අවසන් හුස්ම හෙළූ බවයි.


 “මගේ පියා දිවංගත ප්‍රේමදාස ජනාධිපතිතුමා සමඟ ඇතිකරගත් ගැටුම දිග්ගැස්සුණේ ඔහු ගත් ක්‍රියාමාර්ගය නිසයි. ඒත් මගේ තාත්තා ආපහු එජාපයට ඇවිත් එජාපයේ ජනාධිපති අපේක්ෂකයා වුණා. ඔහු අවසන් හුස්ම හෙළුවේ එජාප වේදිකාවක” දිසානායක කීවේය.

ඉදිරියේදී එජාපය ගැන පොතක් ලියන බවද ඔහු කීවේය.