
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් සෙනසුරාදා රාත්‍රී අත්අඩංගුවට ගත් විකට නිළි නතාෂා එදිරිසූරිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජුනි මස 07 වනදා දක්වා දින 10 කට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙයි.
වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙන බැවින් ඇයගේ රැඳවුම් කාලය දීර්ඝ කිරීම අවශ්‍ය බව අධිකරණය දන්වන ලදී.
රට තුළ ආගමික වෛරය සහ අසමගිය අවුළුවන ආකාරයේ ප්‍රකාශ නිකුත් කළ බවට පොලිසිය ඇයට චෝදනා කරන බැවින් නතාෂා එදිරිසූරියට සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) පනත යටතේ චෝදනා එල්ල කර තිබේ.
පසුගිය දිනවල සමාජයේ දැඩි කතාබහට ලක්වූ ආන්දෝලනාත්මක කතාවකින් පසු නතාෂා සිංගප්පූරුව බලා පිටත්ව යාමට බලා සිටියදී කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගනු ලැබීය.
දේවගැති ජෙරොම් ප්‍රනාන්දු මහතාට එරෙහිවද මෙවැනිම චෝදනාවක් සම්බන්ධයෙන් සිදුකෙරෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනයට සමගාමීව මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval