
සමාජ මාධ්‍ය ක්‍රියාකාරියෙකු වන බෲනෝ දිවාකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නතාශා එදිරිසූරියට ආධාර අනුබල දීමේ චෝදනාව මත ඔහු අත්අඩංගුවට ගත් බවයි.
සැකකාරිය විසින් සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් පැය 08 කට අධික කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඔහුගෙන් ප්‍රකාශ ලබාගැනීමෙන් අනතුරුව එලෙස අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු පසුගියදා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් පැවසුවේ නතාශා සිදුකළ ප්‍රකාශයේ වගකීම ඇය විසින් භාරගත යුතු බවයි.
Comments
Post a Comment
Your comment will be visible after approval