
මිනුවන්ගොඩ ඕපාත ප්‍රදේශයේ පෙම්වතා විසින් පැහැරගැනීමට ලක්වූ බව කියන 15 හැවිරිදි දැරිය සිය මවට වීඩියෝ ඇමතුමක් එවා ඇති බවත් ඇය පැහැරගැනීමක් සිදුව නැති බව එහිදී ප්‍රකාශ කර ඇති බවත් වාර්තාවේ.
'මගේ සම්බන්ධෙට මුලින් ගෙවල් දෙකින්ම කැමති වුනා. පස්සෙ තමා අම්මා අකමැතිවුනේ. එයාට ඕන වුණා අවුරුදු 22 ක් වැඩිමල් කෙනෙකුට බන්දල දෙන්න. මං කැමති නැති නිසා රණ්ඩු වුණා. මගේ පෙම්වතාගෙ අය මරණ බව තර්ජනේ කළා. මං මේ ගමන ආවෙ කැමැත්තෙන් මං කියන්නෙ මට දැන් පාඩුවෙ ඉන්න දෙන්න. අපි දෙන්නා දැන් සතුටින් ඉන්නවා' යනුවෙන් ඇය මවට යොමු කළ වීඩියෝ ඇමතුමේ සඳහන් වේ.
මෙම වීඩියෝව ඇය ප්‍රධාන මාධ්‍ය වෙතද යොමු කර ඇත.
මේ සම්බන්ධව මව ප්‍රසිද්ධ කර ඇති වීඩියෝවේ පැහැරගැනීමක සීසීටීවී වීඩියෝවක්ද ඇතුළත් විය.
15 හැවිරිදි දැරිය තවමත් බාල වයස්කාරියකි.
මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ පැහැරගැනීමක් ගැන මව පමණක් මාධ්‍ය වෙත පැමිණිලි කර ඇති නමුත් එවැන්නක් පොලිසියට වාර්තාවී නැති බවත් දෙන්නා කැමැත්තෙන් පළායාමක් ගැන සිද්ධියක් බවත්ය.
15 පෙම්වතා සමග ගිය 15 දැරිය දැන් සතුටින් සිටින බවටත් කරදර නොකරන ලෙසටත් කියමින් පළ කළ වීඩියෝව පහතින්
සිද්ධියට අදාළ පෙර විස්තරය
කොල්ලෙක් ඇවිත් පැහැරගත්තා- අනේ මගේ 15 කෞෂාණි දුව සොයා දෙන්න - මවක කියයි
Comments
Post a Comment
Your comment will be visible after approval