
ඔස්ට්‍රේලියාවේ, මෙල්බර්න් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළට පැමිණෙමින් තිබූ ගුවන් යානයක ගමන් ගනිමින් සිටි ගුවන් මගියකු හදිසියේම රෝගාතුර වී එම ගුවන් යානය තුළදීම පෙරේදා (27) රාත්‍රී මියගොස් ඇතැයි ගුවන් තොටුපොළ කාරිය භාර නිලධාරියා පැවසීය. මෙල්බර්න් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළට පෙරේදා රාත්‍රී 10.35ට පමණ පැමිණි ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 605 දරන ගුවන් යානය තුළ මෙම මරණය සිදුවී ඇත.
මෙසේ මියගොස් ඇත්තේ යාපනය ප්‍රදේශයේ පදිංචි රත්නලිංගම් රාමලිංගම් නමැති 75 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.
යානය ගුවන්ගත වී මඳ වේලාවකට පසුව මෙම මගියාට හදිසි හෘදයාබාධයක් වැළඳී ගුවන් යානය තුළම මියගොස් ඇති අතර ගුවන් යානය ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ගුවන් තොටුපොළ වෙත යළි හරවා නොගොස් කෙළින්ම කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ඒමට ගුවන් නියමුවෝ පියවර ගත්හ. මළ සිරුර කටුනායක ගුවන් තොටුපොළ දී කටුනායක ගුවන් තොටුපළ පොලිසියට බාර දී ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා දේහය මීගමුව මහ රෝහලේ මෘත ශරීරාගාරයට රැගෙන ගොස් ඇත.
ටී.කේ.ජී. කපිල
Comments
Post a Comment
Your comment will be visible after approval