
බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ අභාවය පිළිබද ලිපියක් ද සහිතව ශෝක පණිවුඩයක් රාජකීය පවුල වෙත ඉංග්‍රිසි භාෂාවෙන් යැවූ කොබෙයිගනේ, පන්නව ගම්මානයේ සිසුවියකට ස්තුතිය පළකරමින් තෙවැනි චාල්ස් රජු විසින් ඇයට ලිපියක් එවනු ලැබ ඇත.
දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ අභාවයෙන් පසු, රාජ්‍යත්වයට පත් වූ චාල්ස් රජු ඇතුළු රාජකීය පවුල වෙත එම ශෝක පණිවිඩය හා ලිපිය යවා ඇත්තේ කොබෙයිගනේ, වැලිපොතුවැව මධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙළ අංශයේ ඉගෙනුම ලබන ෆාසීනා ෆාහිම් සිසුවියයි. එළිසබෙත් මහ රැජින ශ්‍රී ලංකාවට කළ උදව් උපකාර පිළිබඳව සඳහන් කර ඊට ස්තූතිය පළ කරමින් ලිපියක්ද ඇය ශෝක පණිවිඩය සමග යවා ඇත. ඇයගේ ලිපියේ සඳහන් කරුණු චාල්ස් රජුගේ ඇගැයීමටද ලක්ව ඇත. තමා විසින් යවන ලද ලිපියට, තෙවැනි චාල්ස් රජුගේ අත්සනින් යුත් පිළිතුරු ලිපියක් ලැබීම පිළිබඳ සතුට පළ කරමින් ෆාසීනා ෆාහිම් සිසුවිය මෙසේ පැවසුවාය.
“මට කුඩා කාලයේ ඉඳලා එළිසබෙත් රැජින සහ රාජකීය පවුල ගැන තොරතුරු මගේ පියා කියා දෙනවා. මම ඒ නිසා ඒ ගැන තොරතුරු සෙව්වා. පොත් කියෙව්වා.
එළිසබෙත් රැජිනගේ අභාවය ගැන මට කනගාටුවක් ඇති වුණා. ඒ නිසා මම ඇය ලංකාවට කළ උපකාර ගැන සඳහන් කරලා ශෝක පණිවුඩයක් හා ලිපියක් රාජකීය පවුලට යැව්වා. තෙවැනි චාල්ස් රජු මට පිළිතුරු ලිපියක් එවා තිබෙනවා. එය මට විශාල ගෞරවයක් සහ සතුටක්
නිමල් ප්‍රේමචන්ද්‍ර
Comments
Post a Comment
Your comment will be visible after approval