
පාසලේ පැවති පිරිත් පින්කමක් අතරතුර දී කලහකාරී ලෙස හැසිරුණු බව කියන කැකිරාව නගරාසන්න ජනප්‍රිය ජාතික පාසලක සිසුහු හත් දෙනෙක් කැකිරාව පොලිසිය විසින් පෙරේදා (27) අත්අඩංගුවට ගනු ලැබූහ. කැකිරාව නගරාසන්න ප්‍රසිද්ධ ජාතික පාසලක පැවැති පිරිත් පින්කමක් අතරතුර දී එම පාසලේම ඉගෙනුම ලබන සිසුන් පිරිසක් මෙලෙස කලහකාරී ලෙස හැසිරි ඇති බව පොලිසිය කියයි. කලහකාරී ලෙස හැසිරි ඇති එම සිසුන් එහි පිරිත් මණ්ඩපයට ද පහර දී හානිකර ඇතැයි පැවැසේ.
එම සිසුන්ගේ කලහකාරී හැසිරීම සම්බන්ධයෙන් පොලිසියට ලැබුණු දැනුම්දීමක් අනුව එහි ජංගම මුර සංචාරයේ නිරත පොලිස් නිලධාරීන් පිරිසක් විසින් එම සිසුන් හත්දෙනා අත්අඩංගුවට ගනු ලැබූහ. මෙලෙස පොලිස් අත්අඩංගුවට ගෙන ඇත්තේ එම පාසලේම ඉගෙනුම ලබන සිසුන් 07 දෙනෙකි. ඔවුන් විද්‍යාලයේ 13, 12, 11 වැනි ශ්‍රේණිවල ඉගෙනුම ලබන සිසුන් බව පොලිසිය කියයි. එම සිසුහු ගනේවල්පොල, කැකිරාව කුඩා වැව, ඔලොබ්බෑව පාර, මැදගම, මහකැකිරාව හා ගලපිටගල යන ප්‍රදේශවල පදිංචි අය වෙති. සිද්ධියට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පොලිසිය ඒ සම්බන්ධයෙන් වූ විමර්ශන කරන බව කැකිරාව පොලිසිය කියයි.
කුෂාන් ජයවර්ධන
Comments
Post a Comment
Your comment will be visible after approval