
කළුතර පස් මහල් ගොඩනැගිල්ලකින් ඇඳ වැටී මිය ගිය පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන්
මේ වන විට ප්‍රධාන සැකකරු පැය 48ක් රඳවා ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර දී ඇත.
කළුතර දකුණ, ප්‍රධාන විදිය. අංක 402 ලිපිනයේ පිහිටි සිසිලියන් වෝක් හෝටලය පිටුපස රේල් පාරේ වැටී සිටියදී සොයා ගන්නා ලද කළුතර, නාගොඩ, දැරියගේ මරණය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු ධනුෂ්ක ගයාන් සහබන්දු අධිකරණයට ඉදිරිපත් කරන ලද අවස්ථාවේ සැකකරුගේ නීතීඥයා තර්ක කළේ මෙය සියදිවිනසාගැනීමක් බවත් සැකකරු ඊට සම්බන්ධ නැති බවත් වැඩිදුර රඳවා ප්‍රශ්න කිරීමක් අවශ්‍ය නැති බවත්ය.මුලින් අධිකරණය රැඳවුම් නියෝගය ලබාදෙන්නට උත්සාහ කළේ පැය 24 ක් පමණි.
ඉදිරි විමර්ශන සඳහා පැය 24ක් ප්‍රමාණවත් නොවන බව සඳහන් කරමින් ඉදිරි පැය 48ක් සඳහා රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
මෙය මනුෂ්‍ය ඝාතනයක් නොවන බවට වෛද්‍යවරයා නිගමනය කර ඇති බවත් සියදිවි නසා ගැනීමක් බවත් විත්තියේ නීතිඥ සරත් කරවිට මහතා අධිකරණය හමුවේ කියා සිටි අතර සිය සේවාදායකයා පොලිසිය වෙත සියලු කරුණු වාර්තා කර තිබියදී රැදවුම් නියෝග විමසන්නේ මන්දැයි විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සරත් කරවිට මහතා තර්ක කළ අතර සැකකරුට එවේලේම ඇප දෙන ලෙස ඉල්ලා තිබේ.
උප පොලිස් පරීක්ෂක කේ. එම්.ඒ.ජී.ඩී. බණ්ඩාර මහතා කියා සිටියේ සැකකරු එදින මත්පැන් පානය කර සිටියේ ද යන්න සම්බන්ධයෙන් රුධිර සාම්පලයක් ගැනීම සහ තවදුරටත් ප්‍රශ්න කිරීමට ඇති බවයි. අවසානයේ පැය 48 ක රැඳවුම් නියෝග ලබාගත හැකි විය.
Comments
Post a Comment
Your comment will be visible after approval