
කළුතර තිස්ස ජාතික පාසල හා කළුතර මහා විද්‍යාලය අතර පෙරේදා (30දා) පැවැති මැංගුස් සටන අවසානයේදී ඇතිවූ ගැටුමකින් ක්‍රිකට් පිති ප්‍රහාරයට ලක්වූ කළුතර තිස්ස විදුහලේ ක්‍රිකට් කණ්ඩායමේ උපනායකයා බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පයාගල පොලීසිය කියයි. මෙලෙස රෝහල්ගත කර ඇත්තේ හිරූෂ නෙත්සර සිල්වා නමැති සිසුවායි. මග්ගොන සරේ ක්‍රීඩා පිටියේදී පාසල් දෙක අතර 13වැනි වතාවට පැවති එක් දින තරගයේ අවසන් පන්දු වාරයේදී කළුතර මහා විද්‍යාලය ජයග්‍රහණය ලැබීමත් සමගම තරඟය නරඹමින් සිටි පරාජිත කළුතර තිස්ස ජාතික පාසලේ සිසුන් පිටිය මැද සවිකර තිබූ ක්‍රිකට් පොලු හතරක් ගලවා ගැනීමත් සමගම මෙම ගැටුම සිදු වී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
එම අවස්ථාවේදී තරඟය නැරඹීම සඳහා දෙපිරිසේම 4000ක පමණ පිරිසක් ක්‍රීඩාංගණයේ සිට ඇති බව විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී තිබේ. හිසට වැදුණු තදබල පහරක් හේතුවෙන් බරපතළ තුවාල ලද කළුතර තිස්ස ජාතික පාසලේ උපනායකයා මේ වන විට කළුතර නාගොඩ මහරෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර හිසෙහි විශේෂ ශල්‍යකර්මයකට භාජනය කිරිම සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරු කිරීමට නියමිත බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය. සිසුවාගේ පියා වන ගැමුණු සිල්වා මහතා පැමිණිල්ල සිදුකර ඇත. පයාගල පොලීසිය පරීක්ෂණ පවත්වයි.
සුමින් පොතුපිටිය
Comments
Post a Comment
Your comment will be visible after approval