
ජූලි මස පළමු වැනිදා සිට විදුලි ගාස්තු සංශෝධනය කිරීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලය විසින් සකස්කරන ලද යෝජනාව මහජන උපයෝගීතා කොමිෂන් සභාවට ඊයේ (15 වැනිදා) ඉදිරිපත් කර තිබේ.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව පවසන විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මෙම යෝජනාව සකස් කර ඇත්තේ ජනවාරි සහ ජූලි යන මාසවල පළමු වැනිදාවන්හිදී විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ රජයේ ප්‍රතිපත්තිය අනුව යැයි ද එහි සඳහන් වෙයි. එමෙන්ම උපරිම ප්‍රතිලාභය විදුලිය අඩුවෙන් පාවිච්චි කරන පාරිභෝගිකයන්ට ලැබෙන පරිදි සංශෝධන යෝජනාව සකස් කර තිබෙන බවත් එම පණිවුඩයේ සඳහන්ව තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval