
ආදරවන්තයන්ගේ දිනය යෙදී තිබූ පසුගිය පෙබරවාරි 14 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රධාන දොරටුව අසල ඉදිකර තිබූ තොරණක් නිසා සිසුන් දෙපාර්ශ්වයක් අතර හටගත් ගැටුමකින් පසු හෙට්ටිආරච්චි ශිෂ්‍ය නේවාසිකාගාරයේ දේපළවලට හානි සිදුකළේ යැයි කියන විශ්වවිද්‍යාල සිසුවෙක් මිරිහාන මූලස්ථාන පොලිසිය විසින් පෙරේදා 20 වැනිදා සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
විශ්වවිද්‍යාල පාලන අධිකාරිය මෙම ගැටුමට අදාළව සිසුන් 13 දෙනකු හඳුනා ගෙන තිබූ බවත් පෙරේදා අත්අඩංගුවට ගත් සිසුවා එම සිසුන් 13 දෙනා අතරින් එක් අයකු බවත් පොලිසිය පවසයි. මෙසේ සැකපිට අත්අඩංගුවට ගැනුණේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලබන සිසුවකු වන මහනුවර, කැප්පෙටිපොළ ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පොලිසිය කියයි.
විශ්වවිද්‍යාල පාලන අධිකාරිය විසින් සිදු කරනු ලැබූ පැමිණිල්ලක් අනුව පරීක්ෂණ පවත්වා මෙම සිසුවා සැකපිට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය සඳහන් කරයි. අයුතු ජනරාශිය සහ රජයේ දේපලවලට අලාබ හානි සිදු කිරීමේ චෝදනා යටතේ මෙම සිසුවා සැකපිට අත්අඩංගුවට ගත් බවද පොලිසිය වැඩිදුරටත් කීය. මිරිහාන මූලස්ථාන පොලිසියේ නිලධාරීහු කණ්ඩායමක් මෙම සිසුවා සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ගෙන යති.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
Comments
Post a Comment
Your comment will be visible after approval