
නීති විරෝධී මත්පැන් ඇති බවට ලැබුණු තොරතුරකට අනුව ගම්පොළ පන්විලතැන්න ප්‍රදේශයේ නිවෙසක් පරීක්ෂා කිරීමට ගිය ගම්පොළ පොලිසියේ නිලධාරීන් පිරිසක් සිදුකළ වෙඩි තැබීමකින් නිවෙසේ සිටී 18 හැවිරිදි පාසල් සිසුවකු තුවාල ලබා ගම්පොළ ශික්ෂණ රෝහලට
ඇතුළත් කර ජ්‍යෙෂ්ඨ පොලිස් ඇතැයි ජ්‍යෙෂ්ඨ පැවැසීය. ගම්පොළ පොලිසියේ නිලධාරීන් නිවෙස පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේදී නිවෙසේ සිටි බල්ලකු එම නිලධාරීන්ව සපා කා ඇති අතර එහිදී පොලිස් නිලධාරියකු වෙඩි තැබීම හේතුවෙන් සුනඛයා මියගොස් ඇති බව පොලිසිය සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.මෙම වෙඩි තැබීමෙන් නිවසේ වහළය ඇතුළු ස්ථාන කිහිපයක වෙඩි පහරවල් දක්නට ලැබෙන බව පොලිසිය කියයි.
ගම්පොළ කොට්ඨාස භාර වැඩබලන පොලිස් අධිකාරි රොෂාන් අමරසිංහ මහතා යටතේ ක්‍රියාත්මක කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් ඊයේ (21) අලුයම 5.45 ට පමණ මෙම නිවස පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේ වෙඩි තැබීම සිදුව ඇත. බල්ලා සපා කෑම නිසා තුවාල ලැබූ උප පොලිස් පරීක්ෂක ලක්මාල් හා සැරයන් ඒකනායක යන නිලධාරින් දෙදෙනා ද රෝහල් ගත කර ඇතැයි පොලිසිය පවසයි.
මෙම නිවසේ නීති විරෝධී මත්පැන් ඇති බවට ලද තොරතුරකට අනුව වැටලීම කර ඇති අතර එහිදී සුනඛයා සපා කෑම නිසා පොලිසිය මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව පොලිසිය සඳහන් කරයි. නිවසේ හිමිකරු වන චමින්ද අබයරත්න යන අය සිද්ධිය මෙසේ විස්තර කළේය. අපේ ගෙදර බල්ලා උදේ පහ හමාරට විතර කූඩුවෙන් එළියට දානවා 5.45ට විතර තුවක්කු ගත්ත පස් හය දෙනෙක් එකවරම ගේ පිටිපස්ස බැම්මෙන් මිදුලට පැන්නා එතකොට බල්ලා ඒ අය හපන්න පැන්නා. මගේ මස්සිනා සහ මගේ පුතා එතන හිටියා පුතා පාසල් යනවා එයා උසස් පෙළ කරන්නේ.
පොලිසිය එකවරම වෙඩි තිබ්බා. පුතාටයි බල්ලාටයි මියගොස් ඇති රොට් වෙඩි වැදුණා. ගෙදර වහළයටත් මේ අය වෙඩි තිබ්බා. ඊට පස්සේ මේ අය පුතාට මාංචු දාලා ගබඩා කාමරේට එක්ක ගියා එයා විනාඩි 45ක් විතර එක ඇතුළේ තියා ගත්තා. ඒ අය පුතා රෝහලට අරන් ගියේ නෑ. අපට අරන් යන්න දුන්නෙත් නෑ. බල්ලත් මැරුණා. පස්සේ පොලිසිය යන්න ගියා අපි පුතා පන්විලතැන්න රෝහලට අරන් ගියා. එතනින් එයා ගම්පොළ රෝහලට මාරු කළා.
සුරංග රාජනායක
Comments
Post a Comment
Your comment will be visible after approval