
මීගමුවේ සිට හංවැල්ල දක්වා ධාවනය වූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථයක් ගම්පහ වතුරුගම බස් මාර්ගයේ දී අද උදෑසන අනතුරට ලක්වී තිබෙයි.
බස් රථයේ වේගය හේතුවෙන් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් ඇති බව පොලිසිය පැවසුවේය.
අනතුර සිදුවන අවස්ථාවේදී එහි මගීන් 70 දෙනෙකු සිට ඇති අතර තුවාල ලැබූවන් ගම්පහ මූලික රෝහලට ඇතුළත් කර තිබෙයි.

Comments
Post a Comment
Your comment will be visible after approval