
‘එක්ස්ප්‍රස් පර්ල්’ සිදුවීම සම්බන්ධයෙන් විත්තිකරුවන් හය දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් සිංගප්පූරු මහාධිකරණය හමුවේ හිමිකම් පෑමේ ඉල්ලීමක් ගොනු කළ බව අතිරේක සොලිසිටර් ජනරාල් (පරිපාලන) චේතිය ගුණසේකර පැවසීය.
මෙරට නීතිපතිවරයා හිමිකම්කරු ලෙස නම් කර ඇති අතර, හිමිකම් පෑමේ ඉල්ලීම 2023 අප්‍රේල් 25 වැනිදා ගොනු කර තිබිණි.
මේ පිළිබඳ නඩු සම්මන්ත්‍රණ විභාගය මැයි 15 වැනිදා සිංගප්පූරු මහාධිකරණය (සාමාන්‍ය අංශය) හමුවේ කැඳවූ අතර, එම නඩුව පිළිබඳ වැඩිදුර පසු විපරමක් ජුනි 01 වැනිදා පැවැත්වීමට නියමිතය.
සිංගප්පූරු ජාත්‍යන්තර වාණිජ අධිකරණයෙහි (SICC) නීතිරීති මත පදනම්ව සිංගප්පූරු ජාත්‍යන්තර වාණිජ අධිකරණය (SICC) වෙත නඩුව මාරු කිරීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව මේ වන විට සලකා බලමින් සිටියි.
මෙරට රජය නියෝජනය කරමින් නඩු පැවරීම හා ඉදිරි නඩු කටයුතු කළමනාකරණය සඳහා සිංගප්පූරු නීති සමාගමක් කැබිනට් අනුමැතිය සහිතව පත් කර ඇත.
2021 මැයි 20 වැනිදා සිංගප්පූරු ධජය සහිත මෙම යාත්‍රාව ශ්‍රී ලංකාවේ බටහිර වෙරළට ඔබ්බෙන් ගිනිගෙන ගිලී ගියේය.
අනතුරුදායක භාණ්ඩ සහිත කන්ටේනර් 81ක්, නයිට්‍රික් අම්ලය ටොන් 25ක්, ඉන්ධන ටොන් 348ක් සහ නර්ඩ්ල්ස් (ප්ලාස්ටික් නිෂ්පාදන සෑදීමට භාවිත කරන) ලෙස හැඳින්වෙන කුඩා ප්ලාස්ටික් කැට බිලියන 75 ක් සහිත කන්ටේනර් 1,488ක් එම නෞකාවේ රැගෙන යමින් තිබිණි.
Comments
Post a Comment
Your comment will be visible after approval