
කටුනායක ගුවන්තොටුපල මත්ද්‍රව්‍ය කාර්යාංශ ඒකකයේ නිලධාරීන් අද 07 උදෑසන කාලයේදී ගුවන් තොටුපල පැමිණීමේ පර්යන්තයේදී වැටලීමක් සිදු කර රත්‍රං කිලෝ 7 කට ආසන්න ප්‍රමාණයක් ඉනේ සඟවාගෙන ආ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.
තීරු බදු නොගෙවා නීති විරෝධී ලෙස ගුවන් මගින් රත්‍රං කිලෝ 06 ග්‍රෑම් 996 ක් රැගෙන මෙරටට පැමිණි සැකකරු වයස අවුරුදු 43 ක් වූ ශ්‍රී සංඝරාජ මාවත, කොළඹ 10 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු ඩුබායි රාජ්‍යයේ සිට අද උදේ මෙරටට පැමිණි ගුවන් යානයකින් මෙම රත්‍රං රැගෙන පැමිණ ඇති අතර ඔහුගේ ඉන ප්‍රදේශයේ සුක්ෂම ලෙස සඟවා ගෙන සිටියදී හසුවීමෙන් පසු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
සොයා ගන්නා ලද රත්‍රං බිස්කට් කිලෝ 04 ග්‍රෑම් 942 ක් හා ස්වර්ණාභරණ කිලෝ 02 යි ග්‍රෑම් 54 ක් වශයෙන් තිබී ඇත. සැකකරු වැඩිදුර විමර්ශන සඳහා ගුවන් තොටුපල රේගු විමර්ශන නිලධාරීන් වෙත භාර දී ඇත.

Comments
Post a Comment
Your comment will be visible after approval