dhanushka-gunathilaka-australian-danushka-gunathilaka-has-had-three-out-of-four-charges-against-him-dropped

ඕස්ට්‍රෙලියාවේ සිඩ්නි නුවර නිවසක් තුළදී කාන්තාවකට ලිංගික අතවර කළ බව කියන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක
ධනුෂ්ක ගුණතිලකට එරෙහි නඩු විභාගයේදී ඔහුට එරෙහිව පැවති  බරපතළ චෝදනා කිහිපයක් පොලිසිය විසින් ඉවත් කිරීමෙන් පසු අධිකරණයේ දී ඔහු විශාල ජයග්‍රහණයක් ලබා තිබේ. ඔහු අද අධිකරණයට ආවේ නාඳුනන සුදු තරුණියක සමග බවද ඕස්ට්‍රෙලියානු මාධ්‍ය වාර්තා කර තිබේ.
32 හැවිරිදි මෙස්ටියගේ දොන් ධනුෂ්ක ගුණතිලක, පසුගිය වසරේ අගභාගයේදී T20 ලෝක කුසලාන තරඟාවලිය අතරතුර අත්අඩංගුවට ගැනීමෙන් පසුව, අවසරයකින් තොරව ලිංගික සංසර්ගයේ යෙදීමේ චෝදනා හතරක් මත ඩව්නිං සෙන්ටර් ප්‍රාදේශීය අධිකරණයට ඉදිරිපත් විය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සිඩ්නි නුවර කාන්තාවක් දූෂණය කළ බවට එල්ල වූ ලිංගික අතවර චෝදනා හතරෙන් තුනක් ඉවත් කර තිබේ.
 T20 ලෝක කුසලානය සඳහා Sydney හි සිටියදී අවසරයකින් තොරව ලිංගික සංසර්ගයේ චෝදනා හතරකට මුහුණ දී ඇති නමුත්, රජයේ අභිචෝදකයා බ්‍රහස්පතින්දා සිඩ්නි අධිකරණයකදී චෝදනා තුනක් ඉල්ලා අස්කර ගත්තේය.


කෙසේ වෙතත් ඉතිරි කර ඇති චෝදනාව බරපතල එකයි. එනම් ලිංගික අතවරයයි.
ඕස්ට්‍රෙලියාවේ ප්‍රකට ඩේටින් ඇප් එකක් වන ‘ටින්ඩර්‘ ඔස්සේ ඇය ඔහු සමග මිතුරුවී තිබේ. ඔක්තෝබර් 29 වන දින සිට දින 4 ක් තිස්සේ ටින්ඩර් සමඟ දෙන්නා චැට් කිරීම් සිදුකර ඇති අතර වීඩියෝ ඇමතුම් ඇතුළුව ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් ඇමතුම්ද ලබාගෙන තිබේ.
32 හැවිරිදි ධනුෂ්ක 29 හැවිරිදි මෙකී සිඩ්නි ජාතික කාන්තාවට නොවැම්බර් 2 වැනි දින සිඩ්නි හි ඔපෙරා බාර් හිදී පෞද්ගලිකව හමුවීමට ආරාධනා කර තිබේ.  සසෙක්ස් වීදියේ ‘හයට් රීජන්සි හෝටලයේ‘ රැඳී සිටි ධනුෂ්ක ගුණතිලක ඇය හමුවන්නට යන්නේ රාත්‍රී 8.20 ට පමණය..
මෙම යුවළ පැය භාගයක් තැබෑරුමේ රැඳී සිට ඇති අතර, එම අවස්ථාවේදී විත්තිකරු ප්‍රමිතිගත මත්පැන් දෙකක් සහ කාන්තාව බීම වර්ග පහක් පානය කර ඇති බව පොලිසිය පවසයි. ධනුෂ්ක සහ කාන්තාව පසුව Frankie's Pizza වෙත ගොස්  ඇති අතර අනතුරුව රාත්‍රී 10.20 ට පමණ ඔවුන් දෙන්නාම ඇගේ නිවසට පිටව යති.
නිවසට ගමන් කර ඇත්තේ දිය මතිනි.බොට්ටු සේවාවක් ඔස්සේය.
තොටුපළක් ළඟ බෝට්ටුවක් එනතුරු බලා සිටියදී ධනුෂ්ක එම කාන්තාවට “ඔහුගේ ශරීරය තදකර” “බලහත්කාරයෙන්” සිපගත් බවත්, ගමනේදී “ඔහුගේ අතින් ඇගේ තට්ටම්වලට පහර දී” ඇති බවත්, ඊට ඇය “ඕයි” යැයි පිළිතුරු දුන් බවත් පොලිසිය චෝදනා කරයි.
අනතුරුව නිවසට ගිය පසු නිවසේ දී ධනුෂ්ක "තත්පර 20-30 අතර කාලයක් ඇගේ ගෙල වටා එක් අතක් තබා ගෙල සිරකර තැබූ" බව පැමිණිල්ලේ දැක්වේ. "මං කිසිවක් කිරීමට බිය වූණා, ඔහු තවත් දෙවරක් ගෙල සිර කරා‘ඇය සඳහන් කරයි.



තුන්වන අවස්ථාවේදී ඔහු ඇයගේ හුස්ම හොඳටම සිරවූ බවත් ඔහුගේ මැණික් කටුව අල්ලාගෙනඅත ඉවත් කිරීමට දැඩි උත්සාහයක්ගත් බවත් පවසන ඇය එම අවස්ථාවේ කේන්තියෙන් තවත් තත්පර 10 ක් පමණ ඇගේ බෙල්ල තදින් මිරිකාගෙන සිටි බව කියා සිටියි.
"මෙම අවස්ථාවේ පැමිණිලිකාරිය ඇගේ ජීවිතය ගැන බියෙන් සිටි අතර විත්තිකරුගෙන් ගැලවීමට නොහැකි විය," පොලිසිය චෝදනා පත්‍රෙය් සඳහන් කරයි.
හුස්ම හිරවීම සිදු වූ බව කියන අවස්ථාවේ දී, කාන්තාව දැඩි ලෙස දුර්වල තත්වයට පත්වූ බවත් ඒ සමග ඔහු විනාඩි 10-15 අතර කාලයක් ලිංගික සංසර්ගයේ යෙදී ඇති බවත් පොලිස් කරුණු කියයි.
පසුව ධනුෂ්ක ගුණතිලක ඇඳ අද්දර වාඩි වී සිටි අවස්ථාවේදී, "කොන්ඩමයක් බිම ඇති" බව දැක තිබේ. ඔහු බලහත්කාරයෙන් සම්බන්ධවී ඇත්තේ ඇගේ ජීවිතයට අනපේක්ෂිත කරදරයක් කරමින් බවට දැනගත් පසු පැමිණිලිකාරිය කම්පනයට පත් වූ නමුත් චූදිතයාට කිසිවක් පැවසීමෙන් තත්වය දරුනු විය හැකි යයි බියක් දැනුණ බව ඇය දන්වා ඇතැයි පොලිස් කරුණු සඳහන් කරයි.

මෙම චෝදනාවේ දෙවන තුන්වන සහ සිව්වන චෝදනා අතිශය අසභ්‍යය. ඔහු ඇගේ රහස් මාර්ගයට හා මුඛ මාර්ගයට ලිංගික බලහත්කාරය සිදුකළ අයුරු චෝදනා වලින් දැක්වේ.
 අධිකරණ වාර්තාවේ මෙසේ දැක්වේ.
‘The second charge relates to the alleged aggressive digital penetration of the woman’s vagina, while the third and fourth charges are allegations that Gunathilaka had put his penis in her mouth.‘

අද විභාගවූ නඩු විභාගයේදී මෙම චෝදනා වලින් ලිංගික සංසර්ගය යන චෝදනාව හැර අනෙක්වා පොලිසිය ඉවත්කර ඇති අතර ඇතැම්විට නීතිමය වශයෙන් ඔප්පු කළ හැකි දේ වෙනුවෙන් පොලිසිය පෙනී සිටීමට මෙහිදී උවමනාවී ඇත.
අද අධිකරණයට ඔහු පැමිණියේ නොහඳුනන කාන්තාවක සමග බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඔහු ජුලි 13 වැනි දින අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා නැවත අධිකරණයේ පෙනී සිටීමට නියමිතය.