
දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා ගීතය ජාතික උරුමයක් බවට පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
1903 වර්ෂයේ දී ජෝන් ද සිල්වා ශූරින් විසින් රචනා කර ඇති විශ්වනාත් ලව්ජි මහතා විසින් තනු නිර්මාණය කර තිබෙන සිරිසඟබෝ නාට්‍යයේ ඇතුළත් මෙම ගීතය විවිධ ගායක ගායිකාවන් ගායනය කර තිබේ.
ගීතය ශ්‍රී ලංකාවේ ජාතික ගීතය හඳුන්වා දෙන්න පෙර විවිධ උත්සව අවස්තාවල භාවිත කර ඇති බැවින් ජාතික
උරුමයක් ලෙස නම් කිරීම යෝග්‍ය බවට හඳුනාගෙන මෙම තීරණය ගෙන ඇති බව මාධ්‍ය ප්‍රකාශක ඇමති බන්දුල ගුණවර්ධන අද දන්වා සිටියේය.

Comments
Post a Comment
Your comment will be visible after approval