
මේ මාසයේ පළමු දින 14ක කාලය තුළදී කෝවිඩ් රෝගීන් 112ක් වාර්තා වී තිබෙන අතර, එම කාලය තුළදී කෝවිඩ් මරණ 13ක් වාර්තා වී තිබේ. ලෝක කෝවිඩ් ශ්‍රේණිගත කිරීම්වලට අනුව කෝවිඩ් රෝගීන් වාර්තා වන රටවල් හා දූපත් 230ක ප්‍රමාණය සැලකීමේදී ශ්‍රී ලංකාව 80වැනි ස්ථානයේ පසුවන අතර,
කෝවිඩ් රෝගී තත්ත්වය නිසා මෙරටින් වාර්තා වී තිබෙන සමස්ත මරණ ප්‍රමාණය 16,855කි.
එසේම පෙරේදා (14දා) දිනය වනවිට වාර්තා වී තිබෙන සමස්ත කෝවිඩ් රෝගීන් ප්‍රමාණය 672,283ක් වන අතර, පෙරේදා දිනයේදී කෝවිඩ් රෝගීන් 08ක්, මරණ 02ක් නා 13වැනිදා කෝවිඩ් රෝගීන් 11ක් මරණ 02ක් හා 12වැනිදා කෝව්ඩ් රෝගීන් 11ක් වාර්තා වී තිබෙන අතර, එදින මරණ වාර්තා නැත. පසුගිය 11වැනිදා කෝවිඩ් රෝගීන් 09ක්, මරණ එකක් හා 10වැනිදා කෝවිඩ් රෝගීන් 05ක්, එක් මරණයක් වාර්තා වී තිබෙන අතර, 09වැනිදා කෝවිඩ් රෝගීන් 06ක්, මරණ 02ක් වාර්තා වී තිබිණි. එසේම පසුගිය 08වැනිදා කෝවිඩ් රෝගීන් 06ක් වාර්තා වී ඇති අතර, ඒ අනුව දින 07ක කාලය තුළදී රෝගීන් 55ක් වාර්තා වී ඇත.
ඉන්දික හේවාවිතාරණ
Comments
Post a Comment
Your comment will be visible after approval