
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට 2022 දෙසැම්බර් 31 දින වන විට ලැබිය යුතු මුළු හිඟ බදු, දඩ හා පොලී මුදල රුපියල් බිලියන 904ක් (රු.කෝටි 90,434ක්) බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (කෝපා) අනාවරණය විය.
එමෙන්ම වර්තමානයේ රැමිස්(RAMIS) පරිගණක පද්ධතිය තවමත් නිසි ක්‍රියාකාරී මට්ටමක නොමැති බවද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කෝපා කමිටුවට කැඳවූ අවස්ථාවේදී හෙළි විය. ඒ අනුව රැමිස්(RAMIS) සහ ලෙගසි (Legacy) පරිගණක පද්ධතිවලට අදාළව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට 2022 දෙසැම්බර් 31 දින වන විට ලැබිය යුතු මුළු හිඟ බදු, දඩ හා පොලී මුදල රුපියල් 904,342,180,778 ක් බව (බිලියන 904 හෙවත් රු.කෝටි 904,34ක්) කෝපා කමිටුවේදී විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. ක්‍රමරත්න මහතා පැවසීය.මෙම මුදලෙන් රුපියල් 163,425,093,401ක් (බිලියන 163) අය කළ හැකි ආදායම් වශයෙන් හඳුනාගෙන ඇති බවත්, රුපියල් 740,917,087,377ක්(බිලියන 740) යම් යම් හේතු මත අය කිරීම් තාවකාලිකව අත්හිටුවා ඇති මුදල් වශයෙන් හඳුනාගෙන ඇති බවත් ඔහු සඳහන් කළේය. ඒ අනුව අය කළ හැකි ආදායම් වශයෙන් හඳුනාගෙන ඇති හිඟ බදු මුදල් කොටස් වශයෙන් හෝ අයකරගන්නා ආකාරය පිළිබඳ දින වකවානු සහිතව තොරතුරු ඇතුළත් වාර්තාවක් කෝපා කමිටුවට ලබා දෙන ලෙස මෙහිදී කෝපා කමිටුවේ සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා නිර්දේශ කළේය.
විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න - දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අපිට තිබෙන ප්‍රධානම ප්‍රශ්නය තමයි බදු එකතු කිරීම, බදු කළමනාකරණය සම්බන්ධයෙන් තිබෙන දැනට ක්‍රියාත්මක පරිගණක පද්ධතියේ තියෙන ගැටලුව. ඒ වගේම බලාපොරොත්තු වුණු ක්‍රියාකාරීත්වය ඒකේ තියෙනවාද කියන ප්‍රශ්නය. දෙවැනි එක තමයි හිඟ බදු සම්බන්ධයෙන් තිබෙන ප්‍රශ්නය. අපිට හිඟ බදු කොටස් දෙකකට කඩන්න පුළුවන්. 2015ට කලින් තිබුණා ලෙගසි කියන සිස්ටම් එකක්. 2015න් පස්සේ රැමිස් කියන සිස්ටම් එකකට මාරු වෙලා ඒක වෙනම යනවා. මේ දෙක අනුව මුළු හිඟ බදු හා දඩ ආදායම්, පොලී කියන ඒ සියල්ලෙම එකතුව 2022.12.31ට බිලියන 904ක් වෙනවා. ඒ කියන්නේ ට්‍රිලියනයකට ආසන්නයි. මේකේ රැමිස් සිස්ටම් එකේ තියෙනවා හිඟ බිල්පත් බිලියන 671.7ක්. ලෙගසි එකේ තියෙන බිලියන 232.5ක්.
මේක 2022 ජූනි 30 වෙනකොට තිබුණු තත්ත්වය ගත්තම රැස් එකේ තිබුණා බිලියන 512ක්. ඒක වැඩි වෙලා තියෙනවා 2022.12.31 වෙනකොට. ලෙගසි එකේ බිලියන 261ක් තිබුණා. ඒක අඩු වෙලා තියෙනවා 232 දක්වා බිලියන 30න් විතර.
මේකෙන් රැස් සිස්ටම් එකේ 2022.12.31 වෙනිදාට තිබෙන හිඟ මුදල් බිලියන 671.7න් තාවකාලිකය අත්හිටුවලා තියෙනවා බිලියන 562ක්. ඒ අනුව අය කළ හැකි ආදායම තිබෙනවා බිලියන 109ක්. ඊට අමතරව ලෙගසි සිස්ටම් එකේ තියෙනවා බිලියන 232ක්.
ඒකෙන් තාවකාලිකව අත්හිටුවලා තියෙනවා බිලියන 178ක්. ඒ අනුව තව බිලියන 54ක් අපිට අයකළ ගතහැකි ආදයම් ලෙස තියෙනවා. ඇයි මේ පුද්ගලයන්ට එරෙහිව නඩු දාලා අය කරගන්න බැරි මේකට වහාම නීතිමය ක්‍රියාමාර්ග ගන්න බැරි ඇයි හේතුව දැන් ඒක රජය වෙනුවෙන් යම් පුද්ගලයෙක් අය කරගෙන තියෙනවා. ඒ මුදල දේශිය ආදායම් දෙපාර්තමේන්තුවට ලබා දෙන්න ඔහු බැඳී සිටිනවා. ඒ අනුව වැට් එකේ හිඟ මුදල තියෙනවා 2022.12.31 දිනට බිලියන 202ක්. ඒ කියන්නේ කොටි 20,200ක්.
දිනේෂ් සමරකෝන්
Comments
Post a Comment
Your comment will be visible after approval