
බණ්ඩාරවෙල දෝව රජ මහා විහාරස්ථානයේ පැවැති පෙරහැර ට සහභාගි වී ආපසු යමින් සිටි නර්තන කණ්ඩායමක් රැගත් වෑන් රථයක් අද අලුයම 3.00 පමණ මාර්ගයෙන් ඉවතට පැන අනතුර ට ලක්වී 11 දෙනෙකු තුවාල ලබා බදුල්ල ඌව පළාත් මහ රෝහලට ඇතුළත් කර සිටිති,<
br />තරුණියන් 08 ක් තරුණයන් 02 ක් සහ වැඩිහිටියන් 01 ඔවුන් අතර වෙති.
ඔවුන් ගේ තත්වය බරපතල නොවන නමුත් පාද වලට සහ හිස් වලට තුවාල සිදු වී ඇතැයි බදුල්ල ඌව පළාත් මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රධානි වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවැසීය.
වාහනය පැදවු රියදුරුට නින්ද ගොස් මාර්ගයෙන් ඉවතට පැන ගසක වැදීමෙන් මෙකී අනතුර සිදුවි ඇතැයි පරීක්‍ෂණ පවත්වන හාලිඇල පොලිසිය පවසයි.
Comments
Post a Comment
Your comment will be visible after approval